Ads 468x60px

.

සේමිණි නිසා පිරිමින් කිහිප දෙනෙකුට අවුලක් ඇතිවෙලා

ජනපි‍්‍රය නිළි සේමිණි ඉද්දමල්ගොඩ සතිඅන්ත පුවත්පතකට කළ ප‍්‍රකාශයක් හේතුවෙන්කිට්ටුවෙන් ඇසුරු කළ පිරිමි පාර්ශවයේ කිහිප දෙනෙකු අවුලවී ඇතැයි වාර්තා වේ.අදාළ සම්මුඛ සාකච්ඡාව කළ මාධ්‍යවේදිනිය සැමියා හැර වෙනත් පුද්ගලයෙක් ගැන ආදරයක්, ආකර්ෂණයක් ඇතිවෙලා ඇත්දැයි ඇයගෙන් ප‍්‍රශ්න කළ විට ඇය එය පිළිගෙන තිබීම මීට හේතුව බවද පැවසේ.


එසේම
ඇය එය සාධාරණීය කරණය කරමින් පවසා ඇත්තේ ‘එහෙම නොවුවා නම්, අපි ලේඇට, මස්, නහරවලින් සැදුණු මිනිසුසු නොවන බවයි.කෙසේ වුවද මීට පෙර සේමිණිවහ වැටුණු තරුණ ඇමතිවරයෙක් සම්බන්ධ රාවයක්ද මාධ්‍ය අනාවරණය කර තිබිණි.

කටකාර
ඇමතිවරයෙකු වන මොහු කලාවට සම්බන්ධ අයෙක් බවද වාර්තා වේ.එසේම ඔහු ජනධිපතිවරයා සමග කිට්ටු ඇසුරක් පවත්වන්නෙක් බවද පැවසේ.අදාළ තරුණ ඇමතිවරයා සේමිණි පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලූ බවත් වාර්තා වී තිබිණි.

මේ
ඇමතිවරයා විසින් සේමිණිට මීට වසර කිහිපයකට පෙර රුපියල් ලක්ෂ 48ක් පමණ වියදම් කර, අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක් රූපවාහිනියේ විකාශය කිරීමට අවස්ථාව ලබාගැනීමට සෑහෙන වෙහෙසුන බවත් මේ අතර, වාර්තා වේ.සේමිණි සිනමාවේත් පුංචි තිරයේත් වේදිකාවේත් කැපී පෙනෙන රංගන ශිල්පිනියකි.

ශී‍්‍රයානි
අමරසේකර විසින් අධ්‍යක්ෂණය කළ ‘ඉරබටු තරුව’ හරහා කලා ක්ෂේත‍්‍රයට පිවිසි ඇය වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත‍්‍රපට හරහා සිය රංගන කුසලතා එකසේ දක්වන්නට සමත්වූවාය.ඇය පුංචි තිරයේදී පේ‍්‍රක්ෂකයන්ට වඩාත් සමීපවූයේ ‘යර්ස් බොස්’ විකට වැඩසටනේ රෝෂිනී නම් චරිතය හරහාය.

එසේම
ඇය සුදත් රෝහණ විසින් අධ්‍යක්ෂණය කළ ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයේ පබිලිනාගේ චරිතය හරහා පේ‍්‍රක්ෂකයන්ගේ ජනාදරයට පත් වූවාය.සේමිණිගේ සැමියා පොලිස් නිලධාරියෙක් වන අතර, ඇයට දැනට පස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දියණියක්ද සිටී.සේමිණිගේ සැමියා නමින් ධම්මිකය, කුමලී ඇගේ දියණියයි.
 
 
Related Posts with Thumbnails