Ads 468x60px

.

දෙමාපියන්ගේ ආශාව මත සෝනු නිගම් දළඳාව වඳියි

සුප‍්‍රකට ඉන්දීය ගායක සෝනු නිගම් අද (22) උදෑසන දළදා මාලිගාව වැඳපුදාගෙන ඇතැයි වාර්තා වේ.සෝනු දළදා මාළිගාවට ගොස් ඇත්තේ ඔහුගේ දෙමාපියන්ගේ ආශාවක් මත බව පැවසේ.මෙම අවස්ථාවට ඔහුගේ පියා, මව, බිරිඳ සහ පුතාසහභාගීවී ඇත


"පසුගිය වසර එකහමාර කාලය තුළම මගේ මව තරමක් අසනීප තත්ත්වයෙන් සිටි බව සහ ඇය මාත් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි බව, මට පළමුවෙන්ම කියන්න වුවමනා වුණා. ඉතිං ඔබ දන්නවානේ අපි ශ්‍රී ලංකාවට කොතරම් ගෞරව කරනවාද කියලා සහ ආදරේ කරනවාද කියලා.

අපි සියල්ලෝම, ඒ කියන්නේ මගේ පියා, මගේ මව, මගේ බිරිඳ, මගේ පුතා සහ මම නිගම් පවුලේ සියලුදෙනාම ශ්‍රී ලංකාව බැලීමට සහ ශ්‍රී ලංකාවේ ජනතාව හමුවීමට පැමිණිලා දැන් ශ්‍රී ලංකාවේ ඉන්නේ. මේ ගමන ලංකාව වෙනුවෙන් විශාල වැදගත්කමක් අපේ ජීවිතයට සහ අපේ හදවත්වලට එක් කළා"

පසුගියදා මාධ්‍යය හමුවේ එලෙස කියූ ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් අද දිනයේ ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කිරීමට යාමට අමතක කලේ නැහැ.එහි ජායාරූප පහතින් බලන්න 




 
5












 
Related Posts with Thumbnails