Ads 468x60px

.

කතරගම තම්මැන්නාවෙන් මතුවූ මැණික් යළි ඔප මට්ටම් කිරීම අනවශ්‍ය ඉතා දුර්ලභ ගණයේ මැණික්ලු

කතරගම තම්මැන්නාවෙන් මතුවූ නිධියෙන් මතුවන නිල් මැණික් ලෝකයේ හොදම නිල් මැණික් බව ජාතික මැණික් හා සවර්ණාභරණ අධිකාරියේ සභාපති ප‍්‍රසාද් ගල්හේන මහතා පැවසීය.



අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.නිල් මැණික් යළි ඔප මට්ටම් කිරීම අනවශ්‍ය ඉතා දුර්ලභ ගණයේ මැණික් බවද ඔහු කීය.එමෙන්ම ශ‍්‍රී ලංකාවේ එකම ස්ථානයකින් හමුවු විශාලතම නිල් මැණික් නිධිය මෙය බවද ඔහු සදහන් කළේය.


කෙසේවුවද ශ‍්‍රී ලංකාවේ ඛණිජ සම්පත් වල අයිතිය නිල වශයෙන්ම රජයට හිමිවන බව ගල්හේන මහතා කීය.අතීතයේ පවා මැණික් ආදී වටිනා වස්තූන් හමුව  විට ඒවා රජතුමාට භාරදෙන සම්ප‍්‍රදායක් මෙරට පැවති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ හේතුවෙන් මෙම මැණික් නිධිය ලබන 24 වැනිදා වෙන්දේසි කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

ලුණුගම්වෙහෙර බෙරලිහෙළ සීනුක්කුව පාරට ගෙනා බොරළු අතර නිල් මැණිකක් හමුවීමත් සමග මැණික් ව්‍යාපාරිකයෝද ගරන්නවුන්ද ඒ පැති දෙවනත් කරතියි වන සංරක්ෂණ හා වනජීවී නිලධරයෝ කියති. හිස් පෝර උරයක බොරළුවලින් මැණික් ගලක් සොයාගත හැකි වෙතියි ද රුපියල් ලක්ෂ විස්ස තිහ වටිනා මැණික් හමුවීයැයි ද ආරංචි පැතිරී යයි.
 
Related Posts with Thumbnails