Ads 468x60px

.

ආණ්ඩු පක්ෂයේ සියලුම අමාත්‍යවරුන්ට හමුදා පුහුණුවක්

ආණ්ඩු පක්ෂයේ සියලුම අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙදිනක යුද හමුදා පුහුණුවක්  ලබාදීමට සැලසුම්කර තිබෙන බව වාර්තාවේ. මෙම වැඩමුළුව මීට පෙර නුවරඑළිය ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ උදිත ලොකුබණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුගියදා නුවරඑළියේ කළ සංචාරයකින් පසු  පුහුණුව පැවැත්වෙන ස්ථානය  දියතලාව හමුදා පුහුණු පාසලට මාරුකර තිබේ. ආරක්‍ෂක හේතුන් මත එම තීරණය ගෙන ඇත.



මෙම පුහුණුවට ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද සහාභාගීවීමට නියමිත බව දැන ගන්නට ලැබේ.
මෙම පුහුණු අභ්‍යාසය  මාර්තු මස 03 වන දින ආරම්භ වන බවට අනාවරණය වී ඇති අතර මේ වෙනුවෙන් දියතලාව ප‍්‍රදේශයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළවෙලක් ක‍්‍රියාත්මකවේ.

 
Related Posts with Thumbnails