Ads 468x60px

.

නදීෂාට පුතෙකු ලැබීමේ වාසනාව උදාවේ.

‘රුවන් මාළිගා’ හි පංචාලි ලෙසින් හා ‘ඉතිං ඊට පස්සේ’ ටෙලි නාට්‍යයේ සන්ධ්‍යා ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් නදීෂා අලහප්පෙරුමට අවුරුදු කුමාරයෙක් ලැබෙන්න යන බව  වාර්තා වේ.මේ වන විට ගැබ්බරව සිටින නදීෂා අලහප්පෙරුමට පුතෙකු ලැබීමේ වාසනාව උදාවී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.


ඇය
සිය දරුවා ලබන අපේ‍්‍රල් මාසයේදී ප‍්‍රසූත කිරීමට නියමිත බවද පැවසේ.කෙසේවුවද නදීෂා දරුවා ලැබීමෙන් පසුව සිය රංගන ජීවිතයෙන් වසර එකහමාරක හෝ දෙකක කාලයක් ඉවත්වී සිටීමටමේවන විට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද
ඇය මෙතෙක් රඟ පෑ චරිතවලට වෙනස් චරිත රංගනයක යෙදෙන රන් සමනළයෝ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තව ටික දිනක් තිබෙන බවද පැවසේ.ස්වර්ණවාහිනී නාලිකාවේ මෙගා ස්ටාර් හා ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනේ විධායක නිෂ්පාදක අමිල නුවන් වාදසිංහ නදීෂාගේ සැමියාය.

නදීෂා
2006 වසරේදී ‘වංකගිරිය’ හා ‘06 වැනි පටුමග’ යන ටෙලි නාට්‍ය සඳහා රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම්මාන හිමිකර ගැනීමටසමත් වූවාය.නදීෂා රංගනයෙන් දායක වූ දිලූක ප‍්‍රසාද් ගුණතිලකගේ ‘උපාධ්‍යා’ ටෙලි නාට්‍ය මෑතකදී විකාශය වීමට නියමිත බවමේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails