Ads 468x60px

.

මහින්ද රාජපක්‍ෂගේ රුවට සමාන රැඟුම් පාසැල් වලට තහනම්

රාජ්‍ය නායකයාට හා රාජ්‍ය ගෞරවයට හානියක් වන බැවින් මින් ඉදිරියට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුවට ඇඳුමට සමාන වන අයුරින් නාට්‍ය හා විවිධ ප‍්‍රසංග සඳහා පාසැල් දරුවන් සහභාගී නොකරන්නැයි මධ්‍යම පළාතේ සියළුම පාසැල් විදුහල්පතිවරුන්ට නියෝග කරන ලෙස මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත.


අනුව අදාල නියෝගය ඇතුලත් චක‍්‍රලේඛය ඉදිරි දින කිහිපය ඇතුලත මධ්‍යම පළාතේ සියළුම විදුහල්පතිවරුන්ට නිකුත් කිරීමට නියමිතය.

මේ
දිනවල පළාත් පාසැල්වල ක‍්‍රීඩා උත්සව හා විවිධ ප‍්‍රසංග පැවැත්වෙන අතර එක්තරා මුස්ලිම් විදුහලක දරුවෙකු විසින් ජනාධිපතිවරයාගේ රුවට හා ඇඳුමට සමාන ලෙස විකට රංගනයක යෙදීමේ සිද්ධියක් නිසා ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.
 
Related Posts with Thumbnails