Ads 468x60px

.

දීපිකාගේ හදිසියේ තීරණය

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් හට රමේෂ් ටව්රානිගේ ’රේස් 2’ චිත‍්‍රපටිය හේතුවෙන් විවිධ ගැටළු වලට මුහුණදීමට සිදුවිය.දින කිහිපයක් පුරාවට චිත‍්‍රපටියේ රූගතකිරීම් සිදුකිරීමෙන් අනතුරුව ’රේස් 2’ සිනමා සිත්තමෙන් ඉවත්වීමට දීපිකා හදිසියේ තීරණය කිරීම මීට හේතුවයි.


මේ
හේතුවෙන් කෝප වූ ටව්රානි, සිනමා හා රූපවාහිනී කලාකරුවන් සංගමය හමුවේ ඇයට එරෙහිව පැමිණිල්ලක් ද දමා තිබුණු බව වාර්තා ‍විය.කෙසේ වෙතත් මේ ගැටළුව සම්බන්ධව එකඟත්වයකට පැමිණීමට දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවත්, දීපිකා විසින් ටව්රානි හට කොන්දේසි පෙළක් ඉදිරිපත් කර ඇති බවත් පැවසේ.

කෙසේ
වෙතත්, ඉන්දීය මාධ්‍ය පවසන්නේ ටව්රානි මෙම කොන්දේසි වලට එකඟවේද? නැද්ද? යන්න පිළිබඳව ගැටළුවක් ඇති බවයි.


 
Related Posts with Thumbnails