Ads 468x60px

.

ධීවරයින් ආරම්භ කළ වර්ජනය ජයග්‍රාහිව අවසන් !


ඉන්ධන මිල පහත හෙලන ලෙස සහ පැරණි මිලටම ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් මීගමුව සහ හලාවත ධීවරයින් ආරම්භ කළ මුහුදු යාමෙන් වැළකී සිටීමේ ක‍්‍රියාමාර්ගය ජයග්‍රාහිව අවසන් කිරීමට ධිවර ප්‍රජාව සමත්වී තිබේ.



රජය විසින් ඉහල දැමූ  භූමිතෙල් මිළ නැවත සංශෝධනය කර අලුත් චක්‍රලේඛනයක් ධිවර සංගම් නියෝජිතයින් වෙත ඉදිරිපත් කිරී‍මේ සාකච්ඡාවක් අද (20) සවස  මීගමුව නගර සභාවේදී පැවැත්විනි.


මෙම සාකච්ඡාව සදහා මීගමුව  කුඩා බෝට්ටු ධිවරයින් නියෝජනය කරමින් වැල්ලවීදිය – කුඩාපාඩුව – කම්මල්තොට ඒකාබද්ධ ධීවර සංවිධානය හාදේශපාලන නියෝජිතයින් ලෙස නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුනරත්න, පලාත්සභා අමාත්‍ය නිමල් ලන්සා, මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර, නියෝජ්‍ය පුරපති එම්. එස්.එම් සකාවුල්ලා , හිටපු නගරාධීපති හර්මන් කුරේරා, ජේෂ්ඨ පොලිස් අධිකාරී ආන්නද ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී විය.


මෙහිදී අමාත්‍යවරුන්  විසින් රජය විසින් ගෙන ඇති භූමිතෙල් මිළ පහත දැමීමේ නව චක්‍රලේඛනයක් ජනාධිපතිවරයා  විසින් සිදුකර ඇති බව ප්‍රකාශ කර ඇති අතරමෙම සහන මිළ අඩු කිරීමේ ක්‍රියාවලිය පිලිබද ධීවර නියෝජිතයින්ගේ අදහස් හා එකගතාවය සදහා  පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාව පැවැත්විනි.


නව චක්‍රෙල්ඛනය යටතේ ධීවරයින්ට පමණක්  රුපියල්  25කින් භුමිතෙල් මිළ අඩුකර ඇති අතර රුපියල්  81ක මිළ වටිනාකමකින් භූමිතෙල් ලීටරක් ලබාගත හැකි වනු ඇත. මෙසේ රුපියල් 25ක් අඩු මිළට භූමිතෙල් හෙට සිට ධීවර සමූපාකාර සමිති වලට අයත් ඉන්ධන හල් වලින් පමණක් ලබාගැනීමට  මීගමුව ධීවරයින්ට හැකි බවද එහිදී සදහන් කර ඇත. මේ පරිදිම හලාවත ධිවරයින්ටද මෙම සහනය හිමිවේ.


ඉන්ධන මිල පහත හෙලන ලෙස සහ පැරණි මිලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් සතියකට ආසන්න කාලයක සිට මීගමුව සහ ඒ අවට ධීවරයින් මුහුදු යෑමෙන් වැළකී සිටි අතර එම සටන වෙනුවෙන් එක ධීවරයකුට ජිවිත පරිත්‍යාග  කිරීමටද සිදුවිය.මේ අනුව හෙට සිට යළි මුහුදු යාමට ධිවරයින් තීරණය කර තිබේ.


ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සිදුකල උද්ඝෝෂණයකදී මියගිය 38 හැවිරිදි දෙදරු පියෙකු වන ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට ප්‍රථම අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුන අතර ඒ අනුව අවමගුල් උත්සවය සරලව හා සාමකාමිව ඉටු කරනු ලැබීය.එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න.







































































































 
Related Posts with Thumbnails