Ads 468x60px

.

කොට සායක් වෙනුවෙන් සියගණනක් පමණ විරෝධතා පාගමනක්


දකුණු අපි‍්‍රකාවේ කෙටි සායවල් හැඳගත් කාන්තාවන් සියගණනක් පමණ විරෝධතා පාගමනක් පවත්වා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.පසුගිය දෙසැම්බර් මාසයේදී සිරුර නිරාවරණය කෙරෙන ඇදුම් භාවිතා කළ කතුන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී ජොහැන්නස්බර්ග් හිදී හිංසනයට ලක්වීමට එරෙහිව පැවැත්වූ මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුනේ එරට අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ කාන්තා ලීගය විසිනි.

කිසිවෙකුගෙන් හිංසනයට පත්වීමේ බියෙන් තොරව තමාට රිසි ඇඳුම් ඇඳීමට කාන්තාවට අයිතියක් ඇතැයි ඔවුන් අවධාරණය කර තිබේ.මෙම විරෝධතාවට කෙටි සායවල් වලින් සැරසුනු පිරිමින් ද කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ද එක්වීම විශේෂ වේ. මෙම විරෝධතා පාගමනේ අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන් වී තිබුනේ මේ ආකාරයෙනි.

!
 
 
Related Posts with Thumbnails