Ads 468x60px

.

ජනපි‍්‍රය ටෙලි ලක්‍ෂිකාට අයුතු යෝජනාවක්

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් වන ලක්‍ෂිකා ෆොන්සේකා මහත්මියට දුරකථනයෙන් බැනවැදී අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයකු නුගේගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එම්. මාසිංහ මහතා මුදාහැරීමට නියෝග කළේය.


පැමිණිලිකාර
නිළිය විසින් අදාළ පැමිණිල්ල සමතයකට පත්කර ගැනීමට තීරණය කර තිබීම හේතුවෙන් මෙසේ සැකකරු මුදා හැරියේය. මෙසේ මුදාහරිනු ලැබුවේ රාජගිරියේ යූ.ඊ. මාවතේ පදිංචි අයෙකි.

පසුගිය
දිනක රාති‍්‍රයේ මෙම නිළියට දුරකතන ඇමතුමක් ලබැදී අසභ්‍ය වචනයෙන් බැණවැදී රුපියල් විසිදහසක් ලබාදෙන බව කියමින් අයුතු යෝජනාවක් කළේ යැයි ඇය මහරගම පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබිණි.සැකකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.
 
Related Posts with Thumbnails