Ads 468x60px

.

ශලනි නටන්න ගිය දුරක්‌

සිරස සිහින කුමරිය හරහා ප්‍රේක්‍ෂකයන් අතරට ළං වූ ශලනි ගැන මේ දවස්‌වල වැඩිපුර කතාබහ වෙන්නේ සිහින පියාපත්හි මිහිරංගිගේ චරිතය නිසා. මිහිරංගිට ඉහළ ප්‍රතිචාර තිබෙනවා කියලා අපට ආරංචියි. මේ අතරේ ශලනි කොරියානු සංචාරයකට සහභාගි වෙන්නත් යනවලු. හැබැයි ඒ රඟපාන්න නම් නොවෙයි. නර්තන ප්‍රසංගයකට.මේ ප්‍රසංගයට ශිහාන්, රවීන්ද්‍ර ඇතුළු තවත් පිරිසක්‌ සහභාගි වෙනවයි කියලා ආරංචියි.


ශලනි රඟපෑ ටෙලිනාට්‍ය පහක්‌ විකාශනය වෙන්න තියෙනවා කියලත් ශලනි අපට පැවසුවා. මේ අතරේ ශලනිගේ ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා කියලයි ක්‍ෂේත්‍රයේ තතු දන්න අය නම් කියන්නේ. කොහොම වුණත් ශලනිට මේ අවුරුද්ද සුබයිලු. ඒ මොකද දන්නවාද විදෙස්‌ සංචාර රැසක්‌ ලැබිලා තිබෙන නිසා. හැබැයි ශලනිට ලංකාවේ නර්තන ප්‍රසංගවල නම් අඩුවක්‌ තිබෙනවාලු.


සේමිණී වැඩ පටන් ගනී

අපේ රටේ සම්මානනීය රංගන ශිල්පිනියක්‌ වන සේමිණී ඉද්දමල්ගොඩ පසුගිය කාලය පුරාවටම කතාබහට ලක්‌වුණ චරිතයක්‌. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නොවෙයි චරිතයක්‌ වෙනුවෙන් කළ කැපකිරීම හේතුවෙනි. චරිතයක්‌ වෙනුවෙන් හිස මුඩු කළ සේමිණීගේ මේ නිර්මාණය නුදුරේදී විකාශනය වීමට නියමිතලු. මේ නිර්මාණයෙන් පසුව සේමිණි නිර්මාණයට දායක වුණේ නැහැ. මොකද ඇය නිතරම දායකවෙන්නේ චරියක්‌ තුළින් යමක්‌ කළහැකි නිර්මාණවලට විතරක්‌ නිසා. පසුගිය දිනක ඇයට එවැනි ආරාධනාවක්‌ ලැබුණා. ඒ සිවගුරුනාදන්ගේ සිනමා නිර්මාණයකට. මාස හයකට පසුව සේමිණී මේ ආරාධනාව පිළිඅරගෙන යළි රංගනයට දායක වෙනවා.


අනූෂා සිනමා පුහුණුවක

රියෑලිටි නර්තන වේදිකාවෙන් දස්‌කම් දක්‌වමින් පසුගිය කාලය පුරාවට කතාබහට ලක්‌වුණු අනූෂා මේ දිනවල නාලක වෙදමුල්ල අධ්‍යක්‍ෂණය කරන බහිරවී ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවලු. පරිසරයට ආදරය කරන තරුණියකගේ චරිතය රඟපානවයි කියලයි ආරංචිය. මේ අතරේ රොජර් සෙනෙවිරත්න නිෂ්පාදනය කරන අලුත්ම ටෙලි නාට්‍යයකත් රූගත කිරීම්වලට සහභාගි වෙනවලු.

මේ සියල්ල අතරේ දැවැන්ත සිනමා පටයක්‌ සඳහා පුහුණුවීම් කරනවා කියලත් ආරංචියි. එය ඉතිහාසය මුල්කරගෙන නිර්මාණය වුණු චිත්‍රපයක්‌ කියලයි ක්‍ෂේත්‍රයේ අය කියන්නේ. මෙය වෙනස්‌ම ආකාරයේ සිනමා නිර්මාණයක්‌ වෙයි කියලයි අනූෂා අපට කිව්වේ. මේ අතරේ නිශාන්ත ද අල්විස්‌ නිර්මාණය කරන ඇලකන්ද මාර්කට්‌ චිත්‍රපටයේ දමිළ තරුණියකගේ චරිතයකටත් රංගනයෙන් දායක වුණාලු. රූගත කිරීම් අතරේ අප්‍රේල් මාසයේ නර්තන ප්‍රසංග කිහිපයකටත් සහභාගි වෙන්න සූදානම් වෙනවලු. යුරෝපා රටවලට සහභාගි වෙනව කියලායි අනූෂා අපට පැවසුවේ. 


දුලානිට රඟපාන්න නිවාඩු නැතිලු

අබා චිත්‍රපටය හරහා කරළියට ආපු දුලානි මේ දිනවල චන්ද්‍රරත්න මාපිටිගමගේ සකිසඳ සුවාරිස්‌ නිර්මාණයේ ගැහැණු ළමයකුගේ ප්‍රධාන චරිතය රඟපානවලු. දුලානි දැන් වෘත්තියෙන් ගුරුවරියක්‌. පානදුර ශ්‍රී සුමංගල බාලිකාවේ තමයි දුලානි උගන්වන්නේ. දුලානිගේ ගුරු ජීවිතයේ තවම ගෙවෙන්නේ පරිවාස කාලයලු. ඒ හින්දා තව මාස පහක හයක කාලයක්‌ ගතවෙනකම් නිවාඩු ගන්න බැරිලු. මේ නිසා ටිකක්‌ විතර කලාවෙන් ඈත්වෙන්න වෙලා කියලයි දුලානි කියන්නේ. ඒ වුණාට ආරාධනා නම් ලැබෙනවලු. නමුත් රඟපාන්න නිවාඩු නැතිලු. 
 
Related Posts with Thumbnails