Ads 468x60px

.

පිළිකාවක් තිබු රොබින් ගිබ්ට දැන් හොඳයි

තමාගේ සෞඛ්‍ය තත්ත්වය සුවඅතට හැරෙමින් පවතින බව පසුගිය කාලය පුරාවට ඉතා දරුණු ලෙස රෝගාතුරව සිටි සුප‍්‍රකට බී ජීස් සංගීත කණ්ඩායමේ ගායක රොබින් ගිබ් පවසයි. පසුගිය අපේ‍්‍රල් මාසයේදී උදරයේ ආබාධයකට ලක්වූ ඔහුගේ මහා අන්ත‍්‍රයේ පිළිකාවක් ඇතැයි පසුව සොයාගෙන තිබුණි.


කෙසේ
වෙතත්, පසුගිය සිකුරාදා දින බීබීසී රේඩියෝ 2 නාලිකාව වෙත අදහස් දක්වමින් 62 හැවිරිදි ගිබ් පවසා තිබුනේ තම සෞඛ්‍ය තත්ත්වය සුවඅතට හැරෙමින් පවතින බවයි.

මේ
අතර, ටයිටැනික් නැව් ඛේදවාචකය සිදුවී සියවසක් ගතවීම අනුස්මරණය කිරීම සඳහා ගිබ් විසින් අළුත් ගීත ඇල්බමයක්  එළදැක්වීමට නියමිත බවද විදෙස් වාර්තා සඳහන් කරයි. මෙය සිය පුතු වන ආර් ජේ සමග සිදුකර තිබීම විශේෂ වේ.

මීට
අමතරව, ටයිටැනික් නෞකාව දියත් කළ දිනය වන අපේ‍්‍රල් 10 වැනිදා මෙම ගීත ඇල්බමයේ ගීත ඇතුළත් ප‍්‍රසංගයක්පැවැත්වීමට ගිබ් සූදානම් වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
 
Related Posts with Thumbnails