Ads 468x60px

.

රඹුක්වැල්ල මහතා ඇද වැටී පැය කිහිපයක් ගතවන තුරුත් කව්රුත් දැක නෑ

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර හෝටලයක තෙවැනි මහලේ සිට ඇද වැටී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව එම හෝටලේ රාත‍්‍රී කළමනාකරුට හමුවන තෙක් කිසිවෙකු දැක නැතැයි වාර්තා වේ.


අමාත්‍යවරයා
සොයාගනු ලැබූ ධම්මික නැමැති මෙම රාත‍්‍රී කළමනාකරුශ‍්‍රී ලාංකිකයෙක් බව පැවසේ. මෙල්බර්න් හි කොමෝ හෝටලයේ තෙවැනි මහලේ පිහිටි සිය කාමරයේ බැල්කනියෙන් පිටතට පැමිණි අවස්ථාවකදී බැල්කනියට ඇතුලූවන හරස් දොරටුව අඟුළු වැටී තිබේ.

පසුව
ඔහු බැල්කනියෙන් වෙනත් බැල්කනියකට මාරුවීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ. මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ දණිස් පොල්කටුවලට හානි සිදුව ඇතැයි වාර්තා වේ. මේ වන විට රඹුක්වැල්ල මහතා ප‍්‍රහරාන් හි ඇල්ෆ‍්‍රඞ් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

ශ‍්‍රී
ලංකා ක්‍රිකට් පුහුණු සංචිතයේ නැගී එන තරුණ ක්‍රීඩකයෙකු වන කෙහෙළිය ඇමතිවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ දණහිසේ පැවති ආබාධයක් ශල්‍යකර්මයකට ලක්කිරීම සඳහා ඇමතිවරයා ඔස්ටේ‍්‍රලියාවට ගොස් තිබේ.

තමා සුව වූ විගස ලංකාවට පැමිණෙන බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශකර සිටිනවා.හෝටලය තුල සිදුවූ ඇදවැටීම හේතුවෙන් තුවාල ලැබූ අමාත්‍යවරයාට මේවනවිට සැත්කම් දෙකක් සිදුකල ඇති බවත් තත්වය එතරම් බරපතල නොවන බවත් අප වෙත වාර්තා වේ.කෙසේ නමුත් අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවන බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටි.

 
Related Posts with Thumbnails