Ads 468x60px

.

මර්වින් කාලි අම්මාගෙන් සමාව ඉල්ලයි

ජනවාරි 31 වෙනිදා රාති‍්‍රයේ මුන්නේෂ්වරමි කාලි කෝවිලට හොර රහසේ ගිය මර්වින් සිල්වා අමාත්‍යවරයා කාලි මෑණියන්ගෙන් සමාව ඉල්ලමින් පූජාවකට සහභාගී වුණා.


"කාලි මෑණියෝ වුණත් මගේ තත්ත්වය තේරුම් ගනීවි"
ඇමතිවරයා ගෝල බාලයන්ට කියා සිටියා.

මීට පෙර කාලි කෝවිලක පූජාවකට බාධා කරමින් එහි පුද පූජා පිණිස රඳවා සිටි එළුවන් කුකුලන් තමා භාරයට ගෙන පසුව තම හිතවතුන්ට බෙදා දුන්නා.


එදින එකී වැඩපිළිවෙළට අමාත්‍යවරයාට සහය දුන්නු කැලණිය ප‍්‍රාදේශීය සභා සභාපති ප‍්‍රසන්න රණවීර මහතා මෙවර ඔහු සමග පැමිණ සිටියේ නෑ.

මෙලෙස එකට සිටි ගජ මිතුරන් දෙකට බෙදී උනු උනුන් ඇණකොටා ගන්නා ලද්දේ කාලි මෑණියන්ට සිදු කල අවමානය නිසා බව දෛවඥයින් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
 
Related Posts with Thumbnails