Ads 468x60px

.

නිරෝෂාගේ වචනය අහකදාන්න සමන්ට බැරිවෙයි

ජනපි‍්‍රය ගායිකා නිරෝෂා විරාජිනී ජනපි‍්‍රය බයිලා ගායකයකු වන සමන්ද සිල්වාගේ හිත වෙනස් කිරීමට සමත්ව ඇතැයි වාර්තා වේ.නිරෝෂාට තිබෙන ලෙන්ගතු කම නිසා තමා සිත වෙනස් කර ගත් බව සමන්ද සිල්වා මාධ්‍යට පවසා තිබිණි.


පසුගිය
කාලයේදී සිය ගීතවල තනු ප‍්‍රති නිර්මාණය නොකරන බවට දැඩි මතයක එළඹ සිටි තමා නිරෝෂාගේ ඉල්ලීම මත ‘නියරේ’ ගීතයේ තනුව ප‍්‍රතිනිර්මාණය කර නව ආරයකින් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවද ඔහු පවසා තිබිණි.

පසුගිය
ලෝක ශූරතාව අවස්ථාවේදී ‘තණ නිල්ලදිගේ’ ගීතයේ තනුව වෙනස්කර තමාට  ඕනෑම මුදලක් හරි හම්බකර ගැනීමට අවස්ථාව තිබුණු  බවද ඔහු පවසා තිබිණි.

එහෙත්
මෙවර මෙම තීරණයට එළඹියේ නිරෝෂාගේ වචනය අහක දැමීමට නොහැකි නිසා බවද ඔහු සඳහන් කර ඇත.

 
 
Related Posts with Thumbnails