Ads 468x60px

.

C S N නාලිකාවේ අබෞද්ධ වැඩ

මෙය මඩ ගැසීමක් නොවේ.
මෑතකදී ආරම්භ කළ දැනට ජනප්‍රිය වෙමින් පවතින නාලිකාවක් වන C S N නාලිකාවේ මම දුටු එක් බාල වැඩක් මෙසේ විස්තර කරන්න කැමතියි.


මම අද වන තුරු කවදාවත් දැකල නැහැ ඉහත නම සඳහන් නාලිකාවේ බුද්ධාගමට අදාළ
දෙයක් විකාශනය වෙනව.  අඩු තරමින් පෝය දිනකදීවත් බුද්ධාගමට අදාළව එක්විශේෂාංගයක්වත් විකාශනය වෙනව මම දැකල නැහැ. කෙනෙක්ට කියන්න පුළුවන් එය ක්‍රීඩා නාලිකාවක් නිසා ආගමික කටයුතු විකාශය කිරීම ඒ නාලිකාවට අදාළ නැහැ කියල. 

නමුත් මම හොඳින්ම දැකපු දෙයක් තමයි නත්තල් දිනවලදි C S N නාලිකාවෙ ගොඩක් වැඩසටහන් වල (Music Runway උදාහරණයකි) සිටින නිවේදකයන් නත්තල් හිස්වැසුම් පැළඳගෙන ඒ වැඩසටහන මෙහෙයවනව. මට හිතාගන්න බැහැ ඔවුන් හිතා මතාම මෙහෙම කරනවද කියල. නමුත් මේ වැඩේ වැරදියි නේද ? සමහර විට පෝයකට වඩා නත්තල මාකට් කරන්න පුළුවන් නිසා මෙහෙම කරනව ඇති. 

නමුත් මාකට් එකම ටාගට් කරගෙනමද වැඩසටහන් කරන්න ඕන ?  
මෙම නාලිකාවේ මොන වැඩසටහන විකාශය කළත් මේක ලංකාවෙ
නාලිකාවක් නේද ? එහෙම එකේ අපේ රටේ ප්‍රධාන ආගමකට ගරු කරන්න බැරි එක ගැන කනගාටුයි. අඩු තරමින් පෝය දින වලදි නාලිකාවෙ ලාංඡනය අසලින් බෞද්ධ කොඩියෙ රූපයක්වත් දාන්න වටිනව නේද ?

ඒ වගේම ඔබ දැකල තියෙනවද මේ නාලිකාවෙ බෞද්ධ ගීතයක් විකාශය වෙනව ?  මම ඕන
තරම් දැකල තියෙනව නත්තල් දිනවල ඉහත නම සඳහන් කළ වැඩසටහනේ සහ තවත් සංගීතමය වැඩසටහන් වල ඕන තරම් නත්තලට අදාළ බටහිර ගීත විකාශය වෙනව. එක බෞද්ධ ගීතයක්
විකාශය වෙනව මම තාම දැකල කැහැ. සමහර විට මට මඟ ඇරුනද දන්නෙ නැහැ. ඒත් විකාශය කළත් ඉතාමත් අඩු අවස්ථා ගණනකදි වෙන්න ඇති.

ශක්ති ටීවී, නේත්‍රා ටීවී වැනි නාලිකා වලට නම් මේක එතරම් ප්‍රශනයක් නැහැ
මොකද ඒව දමිල ජනතාව වෙනුවෙන්ම තිබෙන නාලිකා නිසා. නමුත් මේ නාලිකාව එහෙම එකක් නෙමේ. මේක මුළු රටම බලන නිසා මේක හැම ආගමකටම සමානව සලකන්න ඕන නේද ?

මේ නාලිකාව වැඩිපුරම නරඹන්නෙ අපේ රටේ තරුණ පිරිස. ඒ නිසයි මේක බරපතල
කාරණයක් වෙන්නෙ. තරුණ පිරිස අතරටයි බුද්ධාගම ගෙනයන්න ඕන. නැතුව අවු 60,70 අය අතරට නෙමෙයි. මේ විදියට ගියොත් බුදු දහම වයොවෘද්ධ අය විතරක් අදහන ආගමක් බවට පත් වෙනව. වැඩි කල් නොගිහින් බුදු දහම නැත්තටම නැති වේවි.

(සැ.යු. මම මෙතනදි කියන්න උත්සහ කළේ නැහැ බුද්ධාගමට අදාළ දේවල් පමණක්
අදාළ නාලිකාවෙ විකාශය කළ යුතුයි කියල. මාධ්‍යයක් විදියට සෑම ආගමකටම සමානවගරුකරන්න අවශ්‍යයි නේද ? )

ස්තූති
තරිඳු.
 
Related Posts with Thumbnails