Ads 468x60px

.

‘සිරි දළදා ගමනය’ චිත‍්‍රපටයේ ඔබටත් රඟපෑමේ අවස්ථාවක්

‘මහින්දාගමනය’ අධ්‍යක්‍ෂණය කළ සනත් අබේසේකර විසින් තිර රවනය හා අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘සිරි දළදා ගමනය’ චිත‍්‍රපටයේ හේමමමාලා හා දන්ත කුමරුගේ චරිත සඳහා පණ පෙවීමට නළු නිළියන් සෙවීම මේ දිනවල සිදුකරනු ලබයි.

 
මෙම චරිත සඳහා දායක වීමට අවස්ථාවක් ලබාදීමට එම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම එකඟවී තිබේ.මේ අනුව මෙම චරිත සඳහා ඉදිරිපත්වීමට කැමැති අයට අයදුම්පතක් යොමු කිරීමෙන් සම්මුඛ පරීක්‍ෂණ සඳහා පෙනී සිටීමේ අවස්ථාව උදාකරගත හැකිය.

හේමමාලා
චරිතය සඳහා අයැදුම් කරනන් සඳහා පිහිනීමේ හැකියාව හා කී‍්‍රඩා කටයුතුවල නියැලී ලැබූ කඩිසර බව තිබිය යුතු බවද එම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම දන්වා සිටී.එසේම අදාළ චරිත දෙකම බෞද්ධාගමට සම්බන්ධ චරිත බැවින් අයදුම්කරුවන්ද විනීත චරිතවීම අත්‍යාවශ්‍ය බවද අධ්‍යක්‍ෂකවරයා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම කියා සිටී.

මෙම
චිත‍්‍රපටය ඊ.ඒ.පී. සමාගමේ 55 වැනි සංවත්සරය සැමරීම වස් එම සමාගමේ සභාපතිනිය සෝමා එදිරිසිංහ හා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර ඩැන්ඩිනෝන් භාවනා මධ්‍යස්ථානයේ අකරවිට සංඝානන්ද ස්වාමීන් වහන්සේ සමඟ එක්ව නිෂ්පාදනය කරති.

මෙම
චිත‍්‍රපටයේ විධායක නිෂ්පාදකයා ලෙස නිහාල් සංජය කටයුතු කරනු ලබයි.සුමින්ද සිරිසේනගේ කැමරා අධ්‍යක්‍ෂණයෙන් හැඩවීමට නියමිත මෙම චිත‍්‍රපටයේ සංස්කරණ කටයුතු රවීන්‍ද්‍ර ගුරුගේ විසින් සිදු කිරීමට නියමිතය.

චිත‍්‍රපට
තිර පිටපතේ සියලූ අධීක්‍ෂණ කටයුතු හා උපදේශකත්වය පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද, බෙල්ලන්විල විමලරතන හා පල්ලේගම හේමරතන යන හිමිවරුන් විසින් සිදු කිරීමට නියමිතය.

මෙහි
සෙසු චරිත සඳහා ප‍්‍රවීන නළු නිළියන් වන රවීන්‍ද්‍ර රන්දෙණිය හා දිල්හානි අශෝක මාලා රංගනයෙන් දායකවීමට නියමිත අතර චිත‍්‍රපටය 2013 වසරේ මැයි මාසයේදි ඊ.ඒ.පී. සිනමා ශාලාවල තිරගත වේ.
 
 
Related Posts with Thumbnails