Ads 468x60px

.

සත්කුළු පව්ව නිසා තනුජා කනස්සල්ලෙන්

ටෙලිනාට්‍යක් හේතුවෙන් ජනපි‍්‍රය රංගන ශිල්පිණියක් වන තනුජා දිහානිගේ පවුල් ජීවිතය අවුල්වීමේ  අවදානමක් ඇතිවූ බව වාර්තා වේ.මෙම තත්ත්වය ඇතිවී ඇත්තේ ෂර්ලි පී දෙලංකාවගේ ‘සත්කුළු පව්ව’ ටෙලි නාට්‍ය හේතුවෙනි. එහි චරිත මවන දිල්හානි එම ටෙලියේ අධ්‍යක්‍ෂවරයා හා නිෂ්පාදක කණ්ඩායම රූගත කිරීම් සඳහා ඇයට ලබාදී තිබූ දිනවලින් පසුව සිය සැමියා සමග ඇය නවසීලන්තයට යාමට සැලසුම්කර තිබේ.


කෙසේවුවද
අධ්‍යක්‍ෂවරයා හා නිෂ්පාදක කණ්ඩායම අදාළ කාලයට පෙර තනුජාගේ චරිතය සම්බන්ධ රූගත කිරීම් සිදු කිරීමට අපොහොසත්වී ඇත.පසුව දිල්හානි හා ඇගේ සැමියා වන පණ්ඩුක උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා කළින් වෙන්කරගත් දිනවලට විදෙස් ගතවී තිබේ.

කෙසේවවුද
අධ්‍යක්‍ෂවරයා හා නිෂ්පාදක කණ්ඩායමේ බල කිරීමට එම ටෙලියේ ඉදිරි රූගත කිරීම් සඳහා දිල්හානිට නැවත ලංකාවට පැමිණීමට සිදුවී තිබේ.ඇය එසේ ලංකාවට පැමිණ ඇත්තේ සිය සැමියාගේ බලවත් විරෝධය මධ්‍යයේ බවද පැවසේ.අදාළ ටෙලියේ රූගත කිරීම් සිදු කළ වහාම ඇය නැවත නවසීලන්තයට යාමට නියමිත බවත් මේ අතර වාර්තා වේ.

තනුජා
නවසීලන්තයේ සිට ලංකාවට පැමිණ මෙම ටෙලියට කළ කැපකිරීම සම්බන්ධයෙන් මූල්‍යමය වශයෙන් හෝ ඇයට සහනයක් ලබා දීමට අධ්‍යක්‍ෂවරයා හා නිෂ්පාදක කණ්ඩායම ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් තනුජා කනස්සල්ලෙන් පසුවන බවද වාර්තා වේ.

 
 
Related Posts with Thumbnails