Ads 468x60px

.

යාල වනයෙ අතර මංවූ විමල්ගේ බිරිඳ

යාල වනයේ පිහිටි හාස්කම සපිරි පුදබිමක් ලෙස සැලකෙන කැබිලිත්ත දේවාලයට පූජාවක් පැවැත්වීම සඳහා ගිය ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය වනයේ අතරමන් වී තිබෙනවා.


පෙරේදා අතුරුදහන් වූ ඇය සෙවීමට පානම හා කොටියාගල ප්‍රදේශවලින් වනාන්තරයට පොලිස් කණ්ඩායම් දෙකක් ඇතුල්වී තිබෙන අතර ඊයේ දහවල් වනවිට ඇයව සොයාගන තිබෙනවා.

ශෂී වීරවංශ මහත්මිය ගමන් කළ මෝටර් රථය සමඟ තවත් මෝටර් රථ දෙකක් දේවාලයට ගොස් ඇති අතර අතරමංවී ඇත්තේ ඇය ගමන් කළ වාහනය පමණයි. ජනතාවට නොයන ලෙස අනතුරු හඟවා ඇති ප්‍රදේශයට ඔවුන් ගමන් කර ඇති අතර එහිදී වාහනය ගොඩ ගත නොහැකි අයුරින් මඩේ එරී තිබෙනවා.

යාල ජාතික වනෝද්‍යානය හරහා රළු මාවත් ඔස්සේ යාල කලාප අංක දෙක පසුකර කලාප අංක තුන වෙත ලඟා වූ විට හමුවන කැබලිත්ත දේවාලය හාස්කම් වලින් සපිරි දේවාලයක් බව බොහෝ දෙනා පවසන අතර එහි කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටින බවටද මතයක් ජනතාව තුළ පවතිනවා.

එම දේවාලය වෙත යාමට මත්තෙන් සතියක් පමණ මාංශමය ආහාරවලින් තොරව පේ විය යුතු බව පැවසෙන අතර එසේ නොවන්නන් හා කට වරද්දාගත් අයට කරදර හා අනතුරු වන බවත් පැවසෙනවා.
 
Related Posts with Thumbnails