Ads 468x60px

.

මේවා දැකල කලකිරෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද - රොෂාන් පිලපිටිය


මේවනවිට කලාකරුවන් පවා අනාරක්‍ෂිත බවත්,  ඒ පිලිබදව තමා බලවත් කළකිරීමක සිටින බවත් ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය මහතා පවසයි.
දිවයින පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු ඒ බව සදහන් කර ඇත.


හෙට උදේට ඔබට මට මොනවහරි වුණොත් අපි වෙනුවෙන් බලුබල්ලෙක්‌ නෑ...! ඕකයි තත්වය. මේවා දැකල කලකිරෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද? '' යයි එහිදී සදහන් කර ඇත.



එහි ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.
'' මුළු ලෝකෙන්ම ලංකාවෙ විතරයි කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක්‌ නැත්තෙ. ඉතියෝපියාවෙ පවා ජාතික ප්‍රතිපත්තියක්‌ තියෙනවා. 


ඉතිං අපිට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව දැඩි ලෙස තියෙනවා. අනුමණ්‌ඩලයක්‌ පත් කිරීමේ සූදානමක්‌ මේ දිනවල තියෙනවා කියා අපිට ඇහෙනවා. එහෙම වුණොත්  ඒක අපේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට බොහොම සුබවාදී විදිහට බලපානවා කියලා ලොකු විශ්වාසයක්‌ තියෙනවා.


මේ වන විට විශාල සෝදාපාළුවකට ලක්‌වෙලයි අපි ඉන්නෙ. ඕන කෙනෙකුට ඕන දෙයක්‌ කිරීමේ නිදහස තුළ ඉදිරිය බොහොම අවදානම්. ඉතිං යම් වාරන මණ්‌ඩලයක්‌ යටතට මේක පත් කිරීම තුළ පෞද්ගලිකව මා පමණක්‌ නොවෙයි සියලුම නිර්මාණකරුවන් ගුණාත්මක දේ නිර්මාණය කිරීමට පෙළඹෙයි. 


එවිට මේ අර්බුදයට විසඳුම නිරායාසයෙන්ම බිහිවෙනවා. එහෙම නොවුනොත් ඊළඟ පරම්පරාව මාලණි ෆොන්සේකා මහත්මියව ගාමිනි ෆොන්සේකා මහත්මයාව, ජෝතිපාල මහත්මයාව අඳුරන්නෙ නැති පිරිසක්‌ බවට පත් වෙයි.


ඊළඟ කාරනේ තව අවුරුදු සීයකින් විතර අමරදේව මහත්මයාගෙ, ජෝතිපාල මහත්මයගෙ, ගාමිණී මහත්මයගේ තොරතුරු දැනගන්න ඕන වුණොත් ගන්න තැනක්‌ තියෙනවාද? ලංකාවේ කිසිම කෙනෙකුගෙ විස්‌තර තැම්පත් කරපු තැනක්‌ අපට නෑ. සිනමාවේ ටෙලිනාට්‍යවල අත්‍යාවශ්‍ය විස්‌තර අඩංගු තැන් නැහැ. මේවා ගැන අපි සැලකිලිමත් විය යුතුයි.


ඉදිරියේදී මොකද වෙන්නෙ කියලා අපි බලාපොරොත්තු ඇතිව බලාගෙන ඉන්නවා.ඇත්තටම මේ ක්‍රමය ගැන මං ඉන්නෙ ලොකු කලකිරීමක? ක්‍ෂේත්‍රය තුළ තියෙන දේවල් ගැන බලද්දී ඇත්තටම කනගාටුයි. එක රැයකින් අධ්‍යක්‍ෂකවරු බිහිවෙන රටක අපි ඉන්නෙ. ක්‍ෂේත්‍රයේ ගෞරවය අපි රැකගත යුතුයි.''
 
Related Posts with Thumbnails