Ads 468x60px

.

ඇමැතිවරයකුගෙන් ගීතාට කොක්කක්

ගීතා ඇමතිවරයෙකුසීනි ඇමති කියලා...
ගීතා වට්ටි අම්මා කියලා අපහාස කරලා...

සිය දේශපාලන කටයුතු කඩා කප්පල් කිරීමට කැබිනට් මණ්ඩලයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ද උත්සහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ ඛෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. 

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාර මන්ත්‍රීවරයෙකු වන අජිත් ප්‍රසන්න මහතා එම සභාවේ දී ඊයේ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය ඒ බව සදහන් කර ඇත.
ගීතා කුමාරසිංහ මහත්මිය සිය චරිතය ඝාතනය කරන බවට අජිත් ප්‍රසන්න මහතා චෝදනා කළේය.


එසේම, ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඇමතිවරයෙකුට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව සිදුකරන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට එම පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

ඊ‍යේ පැවති පළාත් සභා රැස්වීමේදී පළාත් සභා මන්ත්‍රීවරුන් වන ටී.එම්. ජයවීර, මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන් විසින් මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයන්ද නිකුත් කර තිබිණි.


එහිදී අදහස් පළකරමින් ජයවීර මහතා පවසා ඇත්‍‍තේ, අදාල සංවිධායිකාව විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකු ‘සීනි ඇමති’ ලෙස හඳුන්වා ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සීනි ඇමතිවරුන්, හකුරු ඇමතිවරුන් යනුවෙන් හඳුන්වන පිරිසක් තමන් දන්නා තරමින් නොමැති බවත්ය.

එමෙන්ම ගීතා කුමාරසිංහ මහත්මිය විසින් තමන් යුද හමුදා සේවයේ නිරතව සිටියදී තුවාල ලැබූවෙකු නොවන බවත්, නීතීඥයෙකු නොවන බවත් පවසමින් ‘වට්ටි අම්මා’ කෙනෙකු මෙන් තමන්ට අපහාස කර ඇතැයි පෙන්වාදුන් මේජර්  අජිත් ප්‍රසන්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රණවිරුවෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට අවසර දුන්නේ ජනාධිපතිවරයා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයාට අදාල සංවිධායකවරියගේ අපහාසත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී කේ.ඒ. සෝමවංශ මහතා මෙහිදී සඳහන් කර සිටියේය.
 
Related Posts with Thumbnails