Ads 468x60px

.

ජැක්ලයින්ට ගරු නොකළ සේවිකාවන් දෙදෙනාගේ සේවය අත් හිටවලා

අදාල සේවිකාවන් දෙදෙනා අස්කරන්නත් කියලා...
ජැක්ලයින්ගේ විශාල පින්තූරයක් ගෙනත් පසුව දැනුවත් කරලා...



ලාංකීය රූ රැජිනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඉන්දියාවේ බොලිවුඩ් නිළියක් වූ ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් පසුගියදා වැලිසර පිහිටි අබාන්ස් හි Abstract (A- World) වෙළඳසැළට පැමිණි අවස්ථාවේ ඇයට ගරු නොකලැයි කියා එම අවස්ථාවේ ආයතනයේ සේවය කළ ආරක්ෂක නිළධාරිණියකුගේ හා වෙළඳ සේවිකාවකගේ සේවය අත්හිටුවා තිබෙනවා.


ජැක්ලයින් විසින් මේ බව ඊමේල් පණිවිඩයක් මඟින් ආයතනයේ කලමණාකාරීත්වයට දැනුම් දී ඇත්තේ අදාල සේවිකාවන් දෙදෙනාගේ  සේවය අත් හිටවන ලෙසයි.

එයට නිදහසට කරුණු විමසීමේදී මෙම ගම්බද සේවිකාවන් දෙදෙනා පවසා ඇත්තේ ඔවුන් ජැක්ලයින් කියා කෙනෙක් ගැන අසා නැති බවයි.


අදාල ඊමේල් පණිවිඩය මඟින් සියළුම සේවිකාවන්ට ඇය ගැන හැඳින්වීමක් කර දැනුවන් කර තබන ලෙස ඉල්ලා ඇති බැවින් කළමනාකාරීන්ත්වය විසින් ජැක්ලයින්ගේ විශාල ප්‍රමාණයේ පින්තූරයක් පෙන්වා සේවක සේවිකාවන් දැනුවත් කර ඇති බවද වාර්තා වෙනවා.

 
Related Posts with Thumbnails