Ads 468x60px

.

සංකීර්ණතම මුහුණු බද්ධ සැත්කම සාර්ථකව අවසන්

මුහුණ හණුවක්,දත් සහ දිවක්...

අමෙරිකානු වෛද්‍යවරුන් මේ දක්වා කරන ලද බවට සැලකෙන සංකීර්ණතම මුහුණු බද්ධ සැත්කම සාර්ථකව අවසන් කර තිබේ.
 

විදෙස් වාර්තා පවසන්නේ, මේරිලන්ත විශ්වවිද්‍යාලයේදී කරන ලද සැත්කමේදී විරූපි මුහුණක් සහිතව සිටි පුද්ගලයකුට නව මුහුණක් හණුවක් දත් සහ දිවක් බද්ධ කර ඇති බවයි.


මීට වසර 15කට පමණ පෙර හදිසි අනතුරකට ලක් වු අදාළ පුද්ගලයා සිය විරූපි මුහුණ හේතුවෙන් මේ දක්වා ප්‍රසිද්ධ ස්ථාන වෙත යාමේදී වෙස් මුහුණක් භාවිත කර තිබේ.
ඔහුට එම සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමෙ ප්‍රධානියා පවසන්නේ, තමන්ට අදාළ පුද්ගලයාට නව ජීවයක් ලබා දිය හැකි වු බවයි.

2005 වසරේදී ප්‍රංශයේ දි ලොව ප්‍රථමවරට මුහුණක් බද්ධ කිරීමේ සැත්තකමක් සිදු කෙරිණ.
සුනඛයකු සපා කෑ කාන්තාවක එහිදී සැත්කමකට ලක් කෙරුණු අතර ලොව ප්‍රථමවරට පූර්ණ ලෙස මුහුණක් බද්ධ කෙරුණේ, 2010 වසරේ ස්පාඤ්ඤයේදීය.


1997 දී අත්වැරදීමකින් තම පිස්තොලය මුහුණ ඉදිරියේ පත්තුවීමෙන් මුහුණු විකෘති වූ 35 හැවිරිදි රිචඩ් ලී නොරිස් ඇමෙරිකා ජාතිකයාගේ මුහුණට නිර්නාමික පුද්ගලයකුගේ මුහුණේ අවයව බද්ධ කිරීමට වෛද්‍යරුවන් සිය දෙනකු ඇතුළු එකසිය පනස් දෙනකුට පැය 36ක් ගත විය. 

මෙවැනි ශල්‍ය කර්ම විසි දෙකක් මීට පෙර සිදුකර ඇතත් ඒ අතරින් මෙම ශල්‍ය කර්මය සුවිශේෂි බව වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූ ශල්‍ය වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස් පවසයි. එයට හේතුව වශයෙන් ඔහු කියනුයේ වෙඩි වැදීම නිසා දිවේ පැත්තකුත් දත් හා මුහුණේ තවත් අවයව විනාශ වී තිබුණත් ඒ සියලු දේ නැවත බද්ධ කිරිමට හැකි වූ බවයි. 

එඩුආර්ඩෝ රොඩ්රිගස්  මාර්තු 22 දා සිදුකළ ශල්‍ය කර්මයෙන් පසු රෝගියා දින තුනක් පුරා සිහිසුන්ව සිට බවත් පියවි සිහිය පැමිණි විගස කණ්නාඩියෙන් තම මුහුණ බලා මහත් සේ සතුටට පත්ව තමා ඇතුළු පිරිස වැළඳගත් බවත් වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස්  පවසයි. අලුත් මුහුණ ඇති බව ඔහුට දැනෙයි. 

දැන් දත් මදියි. ඔහුට සිනා සීමට ද හැකි වෙතියි වෛද්‍යවරු කියති. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවත් තව දින කිහිපයක් ඔහු මෙරිලන්ත සරසවියේ වෛද්‍ය විද්‍යාලයයේ තබා ගැනීමට වෛද්‍යවරු තීරණය කරති.




විශ්කම් දොස්තර එඩුආර්ඩෝ රොඩ්රිගස්



සැත්කමට පෙර

මුහුණේ විකෘතිය ඉවත් කිරිමෙන් පසු
 
Related Posts with Thumbnails