Ads 468x60px

.

මම කෙළින් කතා කරන කෙනෙක්. අනවශ්‍ය හිතවත්කම් මගේ නෑ – ඕෂධී

මගේ මහත්මයයි මමයි දෙන්නම හොඳින් ඉන්නවා...
සමහර නළු නිළියෝ අවුල් කරගන්නෙම පවුල් ජීවිතය... 

ඕෂධී හේවාමද්දුම සොඳුරු රුව හා ප‍්‍රතිභා සම්පන්න රංගනය තුළින් ඇය නිළියක් ලෙසින්ද කතිකත්වය, චතුර බව සහ දැනුමද සමඟ විටෙක නිවේදිකාවක් ලෙසින්ද රසික පේ‍්‍රක්ෂක හදවත් දිනා ගත්තාය. 


මේ දිනවල පුංචි තිරයේ නිහඬ චරිතයක් වුවද ඇය පුංචි තිරය මෙන්ම රිදී තිරය එකාලෝකමත් කිරීමට සමත් වූ අපූරු චරිතයකි.



ඕෂධී, මේ දවස්වල නිහඬ ඇයි ?
මේ දවස්වල නිවේදන කටයුතු විතරක් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා. පහුගිය කාලේ එක දිගටම රඟපෑවා. ඉතිං පොඩි විවේකයක් ගත්තොත් හොඳයි කියලා හිතුණා.

ඔබ මුලින්ම ක්ෂේත‍්‍රයට පිවිසියේ නිවේදිකාවක් විදිහට ?
ඔව්, එතකොට මට වයස අවුරුදු 08යි ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියෙන් මුලින්ම මම නිවේදන කලාවට එක් වුණේ. ඒ කාලේ හොඳ නිවේදිකාවක් වෙන්න හිතුවා මිසක් නිළියක් වෙන්න නම් හීනෙන්වත් හිතුවේ නෑ.

මහින්දාගමනෙන් පස්සේ ඔබ චිත‍්‍රපටයක දැක්කෙම නෑ.ඔව්, මම මොකුත් බාර ගත්තෙම නෑ. ඒත් රුවන් වීරකෝන් අධ්‍යක්ෂණය කරන යුද්ධය තවම තීරණය කරගත් චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයක් මට ලැබිලා තියෙනවා.

යුද්ධය එපා වුණා වගේම මිනිස්සුන්ට දැන් යුධ චිත‍්‍රපටත් එපා වෙලාද?
ඔව්. මම හිතනවා එහෙම. යුද්ධය කියනදේ ආයිත් දකින්න මිනිස්සු කැමති නෑ. ඒ වගේම අපේ රටේ යුද චිත‍්‍රපට ගොඩක් නිර්මාණය වුණා. එකම යුද්ධය පාදක කරගත් කතා. මිනිස්සු දැන් කැමති නිර්මාණයෙන් සතුටක් ලබලා චිත‍්‍රපට ශාලාවෙන් පිටවෙන්න. නමුත් යුද්ධය වෙහෙස කරයි. අලූත් ආරකින් වෙහෙසක් නොදැනෙන චිත‍්‍රපට නිර්මාණය වනවා නම් හොඳයි.

මහින්දාගමනය චිත‍්‍ර පටයේදී ඔබ ලොකු කැපකිරීම් කළා. එවැනි බෞද්ධ ශේෂ්ඨ චරිත රගපාන නවක නළු නිළියන්ට ඔබ දෙන උපදේශය කුමක්ද?
ඇත්තටම ගොඩක් අය මේ වගේ චරිත බාර ගන්න කැමති නෑ. හේතුව ගොඩක් අවදානම් සහිත වීම. වස්වදින්න තියෙන ඉඩකඩ වැඩියි. ගෞරවනීය විදිහට කැපවීමෙන් ප‍්‍රතිපත්ති ගරුකව වැඩේ කරන්න  ඕන.

ඔබට හිතෙන්නේ නැද්ද දේශපාලනයට ආවොත් හොඳයි කියලා.
මම දේශපාලන චරිතයක්.  මගේ දේශපානය වෙනස්. මම ප‍්‍රසිද්ධියේ දේශපාලනය කරන්න කැමති නෑ. හේතුව දේශපාලනය නිසා මගේ රසිකයෝ අහිමි කරගන්න මම කැමති නෑ. ඒ වගේම කියන්න  ඕනේ කලාව පහන කරගෙන දේශපාලනයට යන අය කලාව වෙනුවෙන් මොකුත් කරලා නෑ. කලාව පිහිටට ගත්තනම් ඒ වෙනුවෙන් යමක් කිරීම එයාලගේ යුතුකම.

කොහොමද පවුල් ජීවිතය.
මගේ මහත්මයයි මමයි දෙන්නම හොඳින් ඉන්නවා. එයා මේ දවස්වල අලූත් ටෙලිනාට්‍යක් කරන්න සූදානමින් ඉන්නෙ. මම ඒකට තිර රචනයෙන් දායක වෙනවා.කවද්ද ඔබ අධ්‍යක්ෂිකාවක් නැත්නම් නිෂ්පාදිකාවක් වෙන්නේ.තවම නම් එහෙම හිතිලා නෑ. අධ්‍යක්ෂිකාවක් වෙන්න තරම් ලොකු දැනුමක් මට නෑ. නිෂ්පාදනය ගැනනම් සලකලා බලන්න  ඕනේ.

සමහර නළු නිළියෝ රියැලටි ෂෝ ප‍්‍රතික්ෂේප කරනවා ඔබ ප‍්‍රසිද්ධියේ විවේචනය වෙන්න කැමතිද?
මම රියැලටි ෂෝ දෙකකට සහභාගි වුණා. අපේ වෘත්තියේ ස්වභාවය අනුව විවේචනය සමාන්‍ය දෙයක්. ඒකට පුරුදුවෙන්න  ඕනේ. අමාරුවේ අපේ නම හදාගත්ත බව ඇත්ත ඒ වුණාට රසික ජනතාව දවසකට කීපාරක්නම් අපිව විවේචනය කරනවාද? ඒක තේරුම් ගත්ත කෙනාට විනිශ්ච මණ්ඩලය පවසන  ඕනම දෙයක් බාර ගන්න පුළුවන්. විනිශ්චය මණ්ඩලය බොරුවක් කළත් ඒක ප‍්‍රසිද්ධියේ නිසා මොළේ ඇති හැමෝම ඇත්ත තේරුම් ගන්නවා.

ඒ වගේම රියැලටි ෂෝ නිසාම මට ගායන හැකියාව සහ නර්තන හැකියාව දියුණු කරගන්න පුළුවන් වුණා. ඒ නොමිලේම. ඒ වගේම අපි මේවට සහභාගිවෙන කොට අපිට ගෙවීමකුත් කරනවනේ.සමහර නළු නිළියෝ අවුල් කරගන්නෙම පවුල් ජීවිතය. 

කොතනද එයාලා වරද්දගෙන තියෙන්නේ.?
නළු නිළියන්ට තියෙන නිදහස වැඩියි. ගොඩක් වෙලාවට ගෙදරින් පිට ජීවත් වෙන්නේ. එතකොට දැනගන්න  ඕන හිත එක්තැන් කරගෙන ජීවත් වෙන්න. එහෙම බැරිනම් විවාහ නොවී ඉන්න  ඕන.  අහිංසක සහකරුවෝ සහකාරියෝ දරුමල්ලෝ අමාරුවේ දාන්නේ නැතුව.

ඔබට කටකතා ගෙතිලා නැද්ද?
නෑ. මම දන්නේ නැතුව ගෙතුනු කතා තියෙනවද දන්නේ නෑ. කට කතා හැදෙන විදිහට මම හැසිරෙන්නේ නෑ.  කට කතා හැදුනත් ඒවා සතපහකට ගණන් ගන්නේත් නෑ.කටකතා සත්‍ය වුණ අයත් කියන්නේ සතපහකට ගණන් ගන්නේ නෑ කියලා. ඔබ දෙගොල්ලෝ ඉන්නේ එකම තැනකනේ.ගින්නක් නගින්නේ නැතුව දුමක් නගින්නේ නෑ. 

මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්න අය දැන ගන්න  ඕනේ තමන්ගේ තත්ත්වය අනුව හැසිරෙන්න. පරිස්සම් වෙන්න  ඕනේ. නැත්නම් ගිනි නැතුව දුම නගිනවා. ඒ වගේම මම කෙළින් කතා කරන කෙනෙක්. අනවශ්‍ය හිතවත්කම් මගේ නෑ. මගේ මහත්තයාගේත් නෑ. මම මගේ පවුලේ අය විතරයි විශ්වාස කරන්නේ. පිට මිනිස්සු සතපහකට විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා අපට ප‍්‍රශ්න අඩුයි.
 
Related Posts with Thumbnails