Ads 468x60px

.

ඉන්දියාවේ සුපිරි නළුවන් රඟපෑම වෙනුවෙන් අය කරන මුදල් මෙහෙමයි

ශාරුක් කෝටි 27 යි. රිතික් කෝටි 20 යි.
අජේ කෝටි 18 යි. රන්බීර් කෝටි 12 යි.

ඉන්දියාවේ  සුපිරි නළු සන්ජේ දත්  චිත‍්‍රපටයක රඟපෑම වෙනුවෙන් මෙතෙක් අය කළ මුදල දෙගුණ  කර තිබේ.ඔහු මෑතක් වනතුරු චිත‍්‍රපටයක රඟපෑම වෙනුවෙන් අය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 5කි.  

කෙසේ වෙතත් මේ වනවිට ඔහු එම මුදල දෙගුණ කර ඇත  එනමි ඔහුගේ අය කිරීම  ඉන්දීය රුපියල් කෝටි 10කි.මෙලෙස ඔහු රංගන ගාස්තුව දෙගුණ  කිරීමට හේතු වී ඇත්තේ ඔහු රඟපෑ, මෑතකදී තිරගත වූ අග්නිපත්’ චිත‍්‍රපටයේ සාර්ථකත්වයයි.


මෙි සමිබන්ධයෙන් අදහස් දැක්වූ සන්ෙ–ගේ පෞද්ගලික සහකාරවරයකු වන ධරම් ඔබරෝයි පවසා ඇත්තේ  චිත‍්‍රපටයක් සාර්ථකව ප‍්‍රදර්ශනය වූ පසුව එහි රඟපෑ නළු නිළියන් තමන්ගේ ගාස්තු ඉහළ දැමීම සාමාන්‍ය දෙයක් බවයි.

කෙසේ වෙතත් සන්ජේ ගේ රංගන ගාස්තු දෙගුණයකින් වැඩිවීම ගැන මේ  වන තෙක් චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගෙන් ප‍්‍රතිචාර ලැබී නැත.  ‘අග්නිපාත්’ චිත‍්‍රපටයට පසුව අලූ‍ත් චිත‍්‍රපටයක රඟපෑමට සන්ජේ තවම තීරණයක් ගෙන නොතිබීම එයට හේතුවයි.

මේ අතර, සන්ජේ– ගේ සියලූ‍ම මුදල් කටයුතුවල වගකීම ඔහුගේ බිරිඳ මන්යාටා පවරාගෙන ඇතැයි පැවසේ. සන්ජේ–ගේ සමීප හිතවතුන් පවසන්නේ සන්ජේ–ට වඩා මුදල් ගනුදෙනු පිළිබඳ හොඳ අවබෝධයක් මන්යාටා සතුව පවතින බැවින් මින් මතුවට පෙර පරිදි මුදල් නාස්තියක් සිදු නොවනු ඇති බවයි.

මීට අමතරව ශාරුක් ඛාන් , චිත‍්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 27ක මුදලක් ද  රිතික් රෝෂන්   රුපියල් කෝටි 20ක්  ද   අජේ– දේව්ගන් රුපියල් කෝටි 18ක්  ද . රන්බීර් කපූර්, චිත‍්‍රපටයක රඟපෑම වෙනුවෙන් රුපියල් කෝටි 12ක් ද අය කරන බවට වාර්තා වේ.
 
Related Posts with Thumbnails