Ads 468x60px

.

තොපි මට අහුවෙන්න ලංකාවේ හිටියොත් තොපේ අතපය ප්‍රසිද්ධියේ කඩන එකා මම - මර්වින්

සුද්දන්ගේ මුණු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවන්ගේ වගේ....
ඔබාමා මැතිතුමනි නටපු නැටුමකුත් නා බෙරේ පලුවකුත් නෑ..


කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු විසින් මර්වින් සිල්වා වෙත දුෂණ චෝදනා එල්ල කල විට දිගු කලක් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා අද දිනයේ තමාගේ ඇමති ධුරය සහ ආසන සංවිධායකකම පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වුවා.


මහා සුළි සුඟකින් සීගිරි පර්වතය ගසාගෙන යා හැකිවුවද, තමාට එරෙහිව ජනාධිපතිවරයාගෙන් එවැනි සුළිසුළං නොවන බව මහජන සම්බන්ධතා හා මහජන උපයෝගිතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි.කැලණිය ප‍්‍රදේශයෙන් කලක් තමා ඈත්ව සිටියේ අපල කාලයක් නිසා බවත් පැවසූ ඒ මහතා තමා අද යළිත් කැලණියේ වැඩ ආරම්භ කළ බවද අවධාරණය කළේය.


තමා කෙරෙහි ජනාධිපතිවරයාට දැඩි විශ්වාසයක් ඇති බවද පැවසූ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන මෙම විදෙස් කුමන්ත‍්‍රණය පරාජ කිරීමට ජනතාව පෙළ ගැස්වීමට තමා පෙරමුණ ගන්නා බවද කීය.

අදාළ උද්ඝෝෂණය සඳහා දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බවද පැවසේ.
මේ සඳහා පෑලියගොඩ නගරාධිපතිවරයා, බියගම ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් හා කැළණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර තිලක් වරාගොඩ මහතාද එක්ව සිටියහ.

මියැන්මාරයේ සංචාරයක නිරතවූ සිල්වා මහතා යළි දිවයිනට පැමිණියේ පෙරේදා (21) වන අතර ඒ මහතාගේ අපල උපද්‍රව දුරුකර ගැනීම සඳහා මෙම සංචාරයට එක්වූ බවද පැවසේ.


එතුමා මෙම අදහස් පල කලේ කිරිබත්ගොඩ නගරයේදී පවතී විරෝධතා රැලියකට සහභාගී වී සිටියදීය. එහිදී මර්වින් සිදුකල කතාව පහතින් බලන්න
.

"මම ස්තුතිවන්ත වනවා සියලු මාධ්‍යයට සජීවීව මම පැය ගානක් බැලුවා...සුද්දන්ගේ මුණු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවන්ගේ වගේ..අපට 15 උන්ට 24 යි හොඳ කතාවක් කරලා ජන්දයෙන් වැලකි හිටියා 8 දෙනෙක්.15 යි 8 යි 23 යි. පර සුද්ද එකෙන් තමයි ඔලුව ඉස්සුවේ.

ඉතින් ඔබාමා මැතිතුමනි නටපු නැටුමකුත් නා බෙරේ පලුවකුත් නෑ..මේ රටට අත තියන්න කාටවත් බැහැ.මම කනාගටු වනවා අපේ රටේ පෙකෙනිවල කපපු පාහරයෝ සුන්දන්ද දේශප්‍රිය,නිමල්කා ප්‍රනාන්දු ලා..පොද්දල ජයන්ත ලංකාවෙන් මම එලෙව්වේ..අද ප්‍රසිද්ධියේ කියන්නේ..උන් ගියේ මම නිසා..


තව එකෙක් ඉන්නවා පාක්‍යසෝත..මුන් තමයි ජිනීවා ගිහිල්ල මේ රටට විරුද්ධව උන් තමයි සාක්කි දුන්නේ..ප්‍රසිද්ධියේ කියන්නේ මේක දාන්න..තොපි මට අහුවෙන්න ලංකාවේ හිටියොත් තොපේ අතපය ප්‍රසිද්ධියේ කඩන එකා තමයි මර්වින් සිල්වා කියන්නේ..වගකීමක් ඇතුව කියන්නේ..මට මොකා මොන කුමන්ත්‍රන කරත් මගේ රට ඔබේ රට..මම හොඳ සිංහල බෞද්ධයෙක්..මගේ සිංහල කමයි බෞද්ධ කමයි වෙන්දේසියේ දාන්න කාටවත් දෙන්නේ නැහැ.

තමුන්නාසේලා එක රැස්වෙලා කියන්න උඹ පලයන් මර්වින් කියලා...එදාට බුලත් කොලේ කොලේ හැමෝටම දීලා ඔලුව නමල වැඳලා මම යනවා..ඔබ කිව දවසට..ඔබ කිව දවසට..මගේ මන්ත්‍රීකම ඔබ දුන්න මන්ත්‍රීකම 2016 වෙනකන් තියනවා..ජනාධිපතිතුමා දුන්න ඇමතිකම ජනාධිපතිතුමා ඉන්නකන් එක වෙනස් වෙන්නේ නැහැ..මගේ සංවිධායකකම කැලණිය විතරක් නෙවෙයි තවත් ආසනයක් දෙකක් බලන්න සිද්ධ වෙයි කියල පණිවිඩයක් මම දෙනවා"
 
Related Posts with Thumbnails