Ads 468x60px

.

කටුනායක සිට කොටුව දක්වා විනාඩි 15 කින් පැමිණිය හැකි අධිවේගී දුම්රියක්

එසේම තට්ටු 32 ක ගොඩනැගිල්ලකුත්...
ෆෝර්ට් ලෝටස් ටර්මිනල් නමින් තවත් පර්යන්තයක්...  

කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තයේ සිට කොළඹ කොටුව දක්වා විනාඩි 15 කින් පැමිණිය හැකි අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ. 

මැලේසියානු සමාගමක්  වන ‘‘එයාපෝර්ට් එක්ස්ප‍්‍රස් එයා ඇන්ඞ් රේල්’’ සමාගම සමග එක්ව කි‍්‍රයාත්මක කරන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කෙතරම් මුදලක් ආයෝජනය කරනවාදැයි තවමත් හෙළිකර නැත.


මෙම අධිවේගී දුම්රිය සේවය කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ කොටුව දුම්රිය පොළ  දක්වා ඉදිකිරීමට නියමිත අතර එහිදී කොළඹ කොටුව දුම්රිය පොළ ආසන්නයේ ‘‘ෆෝර්ට් ලෝටස් ටර්මිනල්’’ නමින් පර්යන්තයක්  ඉදිකිරීමටද සැලසුමි කර තිබේ.

එසේම පර්යන්තය ආශ‍්‍රිතව තට්ටු 32 ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමටද  යෝජනා කර ඇති අතර  ඒ තුළ සාප්පු, සිනමා ශාලා, කැසිනෝ, හෝටල්, සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථාන, ආපනශාලා හා සෞඛ්‍ය පහසුකම් ස්ථාපනය කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails