Ads 468x60px

.

බොරැල්ල මැගසින් සිරගෙයි ඊයේ මගුල් කෑ හැටි..

මැගසින් සිරගෙය ඊයේ මංගල සිරියෙන් ඇළලේ.....!

වසර 15 ක කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක්...


ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත යටතේ මහාධිකරණයෙන් වසර 30 ක සිරදඬුවමක්‌ නියම වූ ඒ අනුව වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන ශක්තිවේල් ඉලංගේෂ්වරන්, එම ප්‍රදේශයේම පදිංචිකාරිණියක වන 32 හැවිරිදි ගුණසේන සුදර්ශණී නැමති සිංහල තරුණිය සමග යුගදිවියට ඇතුළු විය.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ බවට චෝදනා ලැබ වරදකරුවකු වූ ඉලංගේෂ්වරන් වසර 30 ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට නියමව සිටියි‍. 


සිය දඬුවම් කාලය ලිහිල් කරන ලෙස ඉල්ලමින් ඔහු මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ද සඳහන්ය. ඔහු හා සුදර්ශණී අතර වසර 15 ක කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පැවතී තිබේ.
 
එවැනිම චෝදනා යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින කොළඹ 13, ජම්පටා වීදියේ පදිංචිකරුවන් වන 34 හැවිරිදි බාලචන්ද්‍රන් පුෂ්පරාජා හා 23 හැවිරිදි මොහොමඩ් රසීක් ෆාතිමා අතර මැගසින් බන්ධනාගාරයේ පැවති අනෙක් විවාහය සිදුවිය.  

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට වරදකරුව සිර දඬුවම් විඳින බාලචන්ද්‍රන් හා ෆාතිමා වසර 10 ට වැඩි කාලයක් තිස්සේ ප්‍රේමයෙන් බැඳීසිටින බව සඳහන්ය.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු හා සිංහල තරුණියක අතරත්, මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධව වරදකරුවකු වූ පුද්ගලයෙකු හා මුස්ලිම් තරුණියක අතරත් මෙම විවාහයන් සිදුවිය.  




ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ශක්‌තිවේල් හා සුදර්ශනී යුවළ (මැද) හා පුෂ්පරාජා රාසික්‌ ෆාතිමා යුවළ (වම් පස) මංගල කේක්‌ එක කැපීමට එක්‌වූ අයුරුයි.






 
Related Posts with Thumbnails