Ads 468x60px

.

ලංකා නිවුස් වෙබ් එකට ඉන්ෆෝමේෂන් දෙන ඔත්තුකරුවන් අහු වුණොත් උන්ට රජ කාලේ දඬුවම්

භාරත ඝාතනය සම්බ්න්ධ වාර්තාව උසාවියට පෙර වෙබ් අඩවියේ පළවෙලා...
අපරාධ පරීක්‍ෂණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකට මල පැනලා...

ලංකා නිවුස් වෙබ් එකට ඉන්ෆෝමේෂන් දෙන ඔත්තුකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ සිටින බවත්, එයින් එකෙක් හෝ අහු වුණොත් උන්ට රජ කාලේ දඬුවම් දෙන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගජනායක මහතා පසුගිය දිනෙක ගෝරනාඩු කළ බව වාර්තා වේ. 


ගජසිංහ මහතාට එසේ කෝපවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය සම්බ්න්ධ වැඩිදුර වාර්තාව උසාවියට ගොනු කිරීමට පෙර එහි සඳහන් කරුණු වෙබ් අඩවියේ පළවීමයි. එකී වැඩිදුර වාර්තාව අනුව කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා භාරත ලක්‍ෂ්මන් මහතාට වෙඩි තබා ඇත්තේ ඔහුගේ ආත්මාරක්‍ෂාව සඳහා බව කියමින් මිනී මැරුම් චෝදනාවෙන් දුමින්ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගලවා ගැනීමට යන ආකාරය අප හෙළිදරව් කළෙමු.

මෙම වැඩිදුර වාර්තාව ‘Lanka News web’ වෙත හෙළිදරව් වූයේ කෙසේ දැයි යනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණ කටයුතු අංශයේ සේවය කරන, එම වැඩිදුර වාර්තාව යතුරුලියනය කළ කාන්තා පොලිස් සැරයන්වරියකගෙන් හා එම අංශයේ සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගෙන් අංශ භාර සහකාර අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.සී.ආර්. විජේසූරිය මහතා කටඋත්තර සටහන් කරගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails