Ads 468x60px

.

ටෙලි නාට්‍යක රූගත කිරීම්වල ඉන්න අතරතුරදි තමයි මම වැඩිවියට පත් වුණේ

ඉස්කෝලේ නම් එහෙම කට කතා හැදිලා තියෙනවා....

2002 වර්ෂයේදි ළමා රංගන ශිල්පිනයක් වශයෙන් තම රංගන ජීවිතය ආරම්භ කරමින් 2006 වර්ෂයේදි හොදම ළමා නිළිය ලෙස සම්මාන දිනාගත් ඇය අයෝධ්‍යා දක්ෂිකා පෙරේරාය.මේ දිනවල සිරස ටී.වී. නාලිකාවේ විකාශයවන "සිහින පුරය" ටෙලි නාට්‍ය තුළින් ජනතාවට සමීප වී සිටින අයෝධ්‍යා සමග කතා බහක නිරත විය. එලෙස ඇය සමග අපි පුංචි කතාබහක නිරත වූයේ  ඇයගේ සොදුරු කැදැල්ලේදීය...

ඔබ රංගන ක්ෂේත්‍රයට කොහොමද පිවිසුණේ? ඒ වගේම එහි රැඳි සිටින්නේ ඇයි?
2002 වර්ෂයේදි ළමා රංගන ශිල්පිනියක් විදියට තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඊට පස්සේ 2006දි හොදම ළමා නිළිය සම්මානය හම්බවෙනවා. සිරස නාලිකාවත් එක්ක එකතුවෙලා දැනට අවුරුදු 4ක් විතර වෙනවා.  


මගේ අම්මගෙයි තාත්තයි තමයි මාව ක්ෂේත්‍රයට යොමු කළේ. එතකොට මම පොඩියි මගේ වයස අවුරුදු 8ක් වගේ වෙනවා ඒ දවස්ල. ඉතින් ඩාන්සින් වලට දක්ෂ නිසා තමයි අම්මයි තාත්තයි මාව රංගනය පැත්තට යොමු කළේ.


 


මෙතෙක් ඔබ දායක වූ හොඳම නිර්මාණය මොකක්ද?
සිරස ටීවි එකේ විකාශය වුණු “සඳ මැදියම” ටෙලි නාට්‍යට මම ගොඩක් කැමතියි. තව මෑතකදි කරනවා සිකුරු වසන්තය කියලා නාට්‍යක්. ඒකේ මම වෙනස් චරිතයක් කරන්නේ. ඒ වගේම සිහින පුරය ටෙලි නාට්‍යටත් ආසයි.


ක්ෂේත්‍රයේ අමතක නොවන සිදුවීම ගැන මතක් කළොත්
ටෙලි නාට්‍යක රූගත කිරීම්වල ඉන්න අතරතුරදි තමයි මම වැඩිවියට පත් වුණේ. නමුත් ඒ ටෙලි නාට්‍ය හදිස්සියේ රූපගත එකක් . ඉතින් ඒක නිසා ඒ සියල්ල අමතක කරලා මම පහුවෙනිදා රූගත කිරිම්වලට ගියා. ඉතින් රංගන ජීවිතය පැත්තෙන් මම කරපු ලොකුම කැප කිරිම ඒක.


කැපවීම ගැන තවදුරටත් කතා කරනාවනම?
හොද නිර්මාණයක් වෙනුවෙන් මම ඕනෑම කැප කිරිමක් කරන්න සූදානම්.
 
කලා ක්ෂේත්‍රයෙ වැඩියෙන්ම කැමති කාටද ?
අර්නස්ට් වඩුගේ මහත්තයා,සුගත තිලක්සිරි අයියා (මට ගොඩක් උපදෙස් ලබා දෙනවා මේ දෙන්නා රංගනය පැත්තෙන් විතරක් නෙමෙයි ජීවිතය ගත කරන්නේ කොහොමද කියලත් මට කියලා දෙනවා )


අයෝධ්‍යා ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ නැත්නම් මේ වෙනකොට කොහෙද ඉන්නේ?
ක්ෂේත්‍රයට ආවේ නැත්නම් මම ඩාන්සින් කරනවා. හැබැයි මම ක්ෂේත්‍රයේ හිටියා කියලා මගේ අධ්‍යාපනය නවත්වන්නේ නැහැ. මම නීති ‍ ක්ෂේත්‍රයෙන් ඉදිරියේදි අධ්‍යාපනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


කවදක හරි දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මම දේශපාලනයට කැමති නැහැ.


නමුත් ඔබ නීතිය හදාරනවනේ ?
ඔව් නීතිය ඉගෙන ගන්නවා. නමුත් එහෙම කියලා දේශපාලනයට එන්න අදහසක් නැහැ.


සැබෑ ජීවිතයත් රඟපෑමක් වෙලාද?
නැහැ. සැබෑ ජිවිතේ රගපාන්නේ නැහැ. අපි හැම ටෙලි නාට්‍යකින්ම වගේ ප්‍රේක්ෂකයාට දෙන්නේ සැබෑ ජීවිතයට පණිවිඩයක්. ඉතින් ඒක නිසා සැබෑ ජිවිතය රගපෑමක් කර ගන්නේ නැහැ.


මෑත කාලයේදි නිළු නිළියෝ කියන අය ගොඩක් වැරදි වැඩවලට යොමු වෙනවා කියලා දැන ගන්න ලැබෙනවා. ඔබ ෂේත්‍රයට නවක නිළියක විදියට ඔබටත් යම් කිසි බලපෑම් එල්ල වෙලා තියෙනවාද?
අපේ රංගන ක්ෂේත්‍රෙය් විතරක් නෙමෙයි වැරදි සිද්ධ වෙන්නේ ඕනෑම ක්ෂේත්‍රයක වැරදි සිද්ධ වෙන්න පුළුවන් නමුත් රංගනයේදි ඒ කෙනා ප්‍රසිද්ධ වෙනකොට තමයි ඇගිල්ල දික් වෙන්නේ. ඉතින් තමන් හොදට හිටියොත් ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න පුළුවන්


මම දැන් හැම ටෙලි නාට්‍යකම රූගත කිරීම්වලට යන්නේ අම්මත් එක්ක. අම්මත් එක්ක යන්න බැරි වුණොත් මම ඒ නිර්මානයට යන්නේ නැහැ. අපි දැනගන්න ඕන අපි ජීවත් වෙන්න ඕන කොහොමද කියලා. මට තාම  කිසිම බලපෑමක් ඇවිල්ලා නැහැ. පුංචි කාලේ ඉඳලා ගිය නිසා මට එහෙම බලපෑම් තාම ඇවිල්ලා නැහැ.


අයෝධ්‍යා ඔබට කට කතා හැදිලා තියෙ නවාද ?
කලා ක්ෂේත්‍රෙය් නම් එහෙම කට කතා හැදිලා නැහැ. නමුත් ඉස්කෝලේ සමහරු අපි වැරදි නොකරත් අපි වැරදි කරලා කියලා කියන්නේ. එහෙම කට කතානම් හැදිලා තියෙනවා.



සිරස ටීවි නාලිකාවේ විකාශයවන සිහින පුරය නාට්‍ය ගැන මොකද හිතන්නේ ?
මම මුලින්ම ආවේ ටෙලි නාට්‍යවලින්. නමුත් මම තුනටම කැමතියි.  චිත්‍රපටයක ප්‍රධාන චරිතය කරලා නැහැ. මම වේදිකාවේ සහ ටෙලි නාට්‍යවල ප්‍රදාන චරිත රපාලා තියෙනවා. නමුත් මම ටෙලි නාටයවලට වැඩියෙන්ම කැමතියි.


වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය යන තුනෙන් එකක් තෝරා ගන්න කිව්වොත් මොකක්ද  ඔබ තෝරා ගන්නේ?
ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4තුළ කොච්චර දේවල්වලට සහභාගි වුණත් ක්ෂේත්‍රයට එන්න කලින් අපි අවුරුද්දක්ම වෙහෙසුණා සුපර් ස්ටාර් තරගයේදි. ඒකෙදි අපි ගොඩාක් කාලයක් කැප කළා. කටුක අත්දැකීම් වින්දා. 


මං හිතන්නේ මේ හැමදේම සුපර් ස්ටාර් හරහා තමයි තියෙන්නේ. අනිත් ඒ ලැබිච්ච ප්‍රේක්ෂක ප්‍රතිචාරය. අදටත් ඒ ගැන හැම ගායික ගායිකාවක්ම කතා කරනවා. ඉතින් ඒ සීසන් එක ගොඩාක් මතක හිටිනවා. ඒ වගේම හරිම විනෝදයෙන් ගත කරපු කාලයක්.


විවාහය ගැන මොකද හිතන්නේ?
තාම විවාහය ගැන හිතලා නැහැ. තාම අවුරුද 20යිනේ. ඒකට තව ගොඩක්  කල් තියෙනවා.


දැන් පෙම්වතෙක් ඉන්නවද?
(සිනාසෙමින්)....නැහැ


අයෝධ්‍යා ඔයාට ක්ෂේත්‍රයේ කෙනෙක්ව සමග විවාහ වෙන්න ලැබුණොත් ඔයා ආස කෙනෙක් ඉන්නවාද?
එහෙම විශේෂ කෙනෙක්  නැහැ. විවාහ යෝජනා නම් ලැබිලා තියෙනවා. මම ක්ෂේත්‍රයේ කෙනෙක් සමග විවාහ වෙන්න කැමති නැහැ. නමුත් සංගීත ක්ෂේත්‍රෙයේ කෙනෙකුට කැමතියි.


ඒ කියන්නේ ඔබ සංගීතයත් කරනවාද ?
ඔව්.


ගීත ඇල්බමයක් කරන්න අදහසක් නැද්ද ?
ඉදිරියේදි ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


වර්තමානයේ ඔබට තියෙන ජනප්‍රියත්වය කොහොමද?
ගොඩක් වෙලාවට මම බස් එකේ තමයි යැවෙන්නේ. ඉතින් පුංචි ළමයි තමයි වැඩියෙන්ම කතා කරන්නේ. ඉතින් හොද ප්‍රතිචාර ලැබෙනවා.
 
පාසල් කාලයේදිත් ඔබ ජනප්‍රිය චරිතයක්ද?
පාසලේ මම ගොඩක් ජනප්‍රිය චරිතයක්. මොකද මම ඩාන්සින් කරා, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා හිටියා.


ඔබේ රූපයේ වෙනස් කර ගන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?
තව චුට්ටක් සුදු වෙන්න කැමතියි. ඒ වගේම මගේ කොණ්ඩේ තව පොඩ්ඩක් දික් කරගන්න කැමතියි.


ඔබේ ජීවිතයේ වැරදුණු තැනක් ආපස්සට ගිහිල්ලා නිවරුදි කර ගන්න අවස්ථාව ලැබුණොත් මොකද කරන්නේ?
තාමනම් එහෙම ජීවිතේ කරපු දේවල් ගැන පසුතැවීමක් වෙලා නැහැ.




අයෝධ්‍යා ඇලඩින්ගේ පුදුම පහන ඔයාට ලැබිලා ප්‍රාර්ථනා තුනක් කරන්න කිව්වොත් මොනවද කරන්නේ?
1.මගේ අම්මට තාත්තටයි ගොඩක් කාලයක් මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා
2. කලාවේ තව හොද නිර්මාණවලට එක්වෙලා හොද රංගන ශිල්පිනියක් වශයෙන් ඉදිරියට යන්න ලැබෙන්න කියලා.
3. කිසිම කෙනෙක්ට කරදරයක් නොවී ජීවිතයේ සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා.


දකින්න කැමතිම සිහිනය මොකක්ද ?
බොලිවුඩ්වල ඉන්න මගේ ආසම රංගන ශිල්පියා ශාරුක් ඛාන්. ඒක නිසා මම කැමතියි කවදා හරි එයත් එක්ක මොනවම හරි එකකට සහභාගි වෙන්න.


ජීවිතේ කරපු දඟම වැඩේ මොකක්ද?
දඟ වැඩ ගොඩක් කළා. ඒක නිසා එහෙම එකක් කියලා කියන්න අමාරුයි


මෑකතදි බලපු හොදම චිත්‍රපටිය මොකක්ද?
ෂාරුක් ඛාන් රංගනෙයන් දායකවන රා-වන් චිත්‍රපටය


ජාත්‍යන්තරයේ කැමතිම රංගන ශිල්පීන් කවුද?
ශාරුක් ඛාන් සහ කාජල්ට මම ගොඩක් කැමතියි.


අයෝධ්‍ය කොහොමද ඔබගේ අන්තර්ජාල භාවිතය?
(සිනාසෙමින්)...මම ගොඩක් වෙලාවට ෆේස් බුක් එකේ ඉන්නවා. මට ෆේස් බුක් එකේ ෆේක් ප්‍රොෆයිල් හතරක් හදලා තියෙනවා. ඒවට වැඩියෙන්ම දාලා තියෙන්නේ සිහින පුරයයේ ඡායාරූප. ඒගොල්ලන් මාත් එක්කත් චැට් කරනවා.


ක්‍රිකට් ගැන මොකද හිතන්නේ.
ඇත්තටම මම ක්‍රිකට්වලට ගොඩක් කැමතියි.
 
මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා යමේ ක්‍රිඩා විලාශය ගැන මොකද හිතන්නේ?
ජය පැරදුම කියන එක දෙකම පොදුයි ක්‍රීඩාවක. දිනන කාලෙට අපේ මිනිස්සු කැමතියි. පරදිනකොට බනින එක තමයි කරන්නේ. මමනම් ක්‍රිකට්වලට ගොඩක් ආදරෙයි. මගේ ආසම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස් සහ මහේල.


චිත්‍රපටියකට ආරාධනාවක් ලැබිලා නැද්ද?
එක චිත්‍රපටියක් මම කරා සනත් අබේසේකර මහත්තයගේ. වන් ලැක්ස් කියලා. තාම ඒක තිරගත වුණේ නැහැ.


ඉදිරියට එළි දක්වන්න තියෙන නිර්මාණ මොනවාද?
සමන් කුමාර ලියනගේ මහත්මයාගේ ටෙලි නාට්‍ය. සුදත් තිලක්සිරිගේ සිකුරු වසන්තය ටෙලි නාට්‍ය ඉදිරිට එන්න තියෙනවා. තවත් එක් ටෙලි නාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා.


ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින නවකයින්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
ඇත්තටම කලාව කියන්නේ ආගමක් වගේ අදහන්න ඕන දෙයක්. තමන්ගේ තත්ත්වයත් රැකගෙන කලාවත් ආරක්ෂාවන විදිහට හොද ගමනක් යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.


ක්ෂේත්‍රයේ මේ තරම දුර ගමනක් එන්න උදව් කළ අය කව්ද ?
විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන මගේ අම්මටයි තාත්තටයි. ඒ දෙන්නා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. ඒ වගේම විශේෂයෙන්ම සුගත තිලක්සිරි අයියා, තව ක්ෂේත්‍රයේ ගාමිණි රත්නසිරි අන්කල්, ප්‍රියන්ත සමරකෝන මහත්මයා, රන්ජන් ප්‍රසන්න මහත්මයා, සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය සහ මගේ අක්කා කෙනෙක් ඉන්නවා මට උදව් කරන උෂාණි අක්කා ඇතුළු මට විවිධ අයුරින් උදව් කරන මගේ හැම කෙනෙක්වම මම මේ වෙලාවේ මතක් කරනවා.
සම්පූර්ණ නම -අයෝධ්‍යා දක්ෂිකා රත්නසිරි


උපන් දිනය -

-1992 ජූලි 22
ආගම - -බුද්ධාගම
ගම - -බදුල්ල
පදිංචිය - -පානදුර
උස- -5’ 5 ”
ලග්නය-  -කුම්භ
පවුලේ සාමාජිකයින් -  මමයි අම්මයි තාත්තයි

 
Related Posts with Thumbnails