Ads 468x60px

.

කි‍්‍රකට් වලට පහේ පහරක් සඳහා ශ‍්‍රී ලාංකිකයෙකුගෙන් යෝජනාවක්

ලකුණු 05 ක් හිමිවන්නේ නිපන්දුවකට හෝ වයිඩ් පන්දුවකට පමණයි ...

කි‍්‍රකට් කී‍්‍රඩාව සදහා නව ලකුණක් ලබාදීමේ පහරක් පිළිබඳව ශ‍්‍රී ලාංකිකයෙකු විසින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අයතනය දැනුවත් කර ඇතැයි වාර්තා වේ. 

මේ වන විට කි‍්‍රකට් ක්‍‍්‍රීඩාවේ පහරක් මගින් ලබාගත හැක්කේ ලකුණු 01, 02, 03, 04 හා 06 ක් හා ලකුණු 05 ක් හිමිවන්නේ නිපන්දුවකට හෝ වයිඩ් පන්දුවකට ලකුණු 04 ක් ලබා ගතහොත් පමණි.


කෙසේ වුවද රත්නසිරි නල්ලපෙරුම නම් මොහු යෝජනා කර ඇත්තේ පන්දුව එක් වරක් පතිතවී ඇදී යන හතරේ පහරවල් සදහා ලකුණු 05 ක් ලබා දිය යුතු බවයි.

පිතිකරුවකු හතරේ පහරක් එල්ල කරන අවස්ථාවේදී එය එක් වරක් පමණක් පතිත වී යන අවස්ථාව හා පිත්තේ පිට දාරයේ වැදී අහඹු ලෙස ඇදී යන හතරේ පහර සදහාද දැනට ලබා දෙන්නේ එකම ලකුණු සංඛ්‍යාවක් වුවද එම පහරවල දක්ෂතා මට්ටම් දෙකක් ඇතැයි ඔහු අවධාරණය කර තිබේ.

ඒ අනුව ඔහු යෝජනා කර ඇත්තේ දක්ෂතාවය අනුව පන්දුව වරක් පතිතවී යන පහරවල් සඳහා මෙම ලකුණු 05 ලබාදීම යෝග්‍ය බවයි.
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා හා ශ‍්‍රී ලංකා ක්‍‍්‍රිකට් අයතනය මෙම යෝජනාව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයට ගෙනයනු ඇතැයි ඔහු අපේක්‍ෂා කරන බවද පැවසේ.
 
Related Posts with Thumbnails