Ads 468x60px

.

නළුනිළියන් දෙදෙනෙක් විසින් බොලිවුඞ් තරුවක් වන මීනාක්ෂි පැහැරගෙන ගොස් මරා දාලා

මළසිරුර කැබලි වලට කපා වතුර 
ටැංකියකට දාලා...
පසුව බසයෙන් පිටතට විසිකරලා...

නැගී එන බොලිවුඞ් තරුවක් වන මීනාක්ෂි තාපර් පැහැරගෙන ගොස් මරාදමා ඇතැයි වාර්තා වේ.ඇයව මෙලෙස ඝාතනය කර ඇත්තේ තවත් නළුනිළියන් දෙදෙනෙක් විසින් බව පැවසේ.

පසුගිය වසරේ දී 404 නම් ත‍්‍රසජනක හින්දි චිත‍්‍රපටියේ රඟපෑ 26 හැවිරිදි මීනාක්‍ෂි හට සිය ඝාතකයන් හමුවී ඇත්තේ ප‍්‍රධාන නිළිය ලෙස කරීනා කපූර් රඟපාන හිරොයින් චිත‍්‍රපටියේ රූගත කිරීම් වලදීය.


දෙහෙරාන් ප‍්‍රදේශයේ ධනවත් පවුලකින් පැවතගෙන එන මීනාක්‍ෂි ගේ පවුලේ විස්තර දැනගත් ඇගේ ඝාතකයන් වන අමිත් ජයිිස්වාල් හා පී‍්‍රති සූරින් යුවළ මීනාක්ෂිව පැහැරගැනීම සඳහා සැලසුම් කර තිබේ.

මීනාක්‍ෂි ට නේපාල දේශසීමාවට ආසන්න ගොරක්පූර් ගමට ආරාධනා කර ඇති ඇයව එහිදී පැහැරගෙන ඇති මොවුන් මීනාක්ෂිගේ පවුලේ සාමාජිකයන්ගෙන් රු. මිලියන 12.5ක කප්පමක් ඉල්ලා ඇත.
මෙම මුදල ලබානොදුන්නහොත් මීනාක්‍ෂි ව අසැබ් චිත‍්‍රපටි සඳහා යොදාගන්නා බව ඔවුන් තර්ජනය කර ඇත.

මීනාක්ෂිගේ මව විසින් රු. 60,000 ක කප්පම් මුදලක් ඇගේ දියණියගේ බැංකු ගිණමේ තැන්පත් කර තිබුණ ද පසුව මීනාක්ෂි ව ඝාතනය කර ඇතැයි වාර්තා විය.මීනාක්ෂිගේ ගෙල සිරකර මරා දැමීමෙන් අනතුරුව හිසෙන් වෙන් කරන ලද මළසිරුර කැබලි වලට කපා ඇති ඝාතකයන්, එය වතුර ටැංකියකට දමා ඇත.

ඝාතනයෙන් පසුව යළිත් මුම්බායි වෙත පලා යන අතරතුරේදී අමිත් හා පී‍්‍රති විසින් බෑගයක දමා තිබූ මීනාක්‍ෂිගේ කඳින් වෙන් වූ හිස ඔවුන් ගමන්කරමින් සිටි බසයෙන් පිටතට විසිකර ඇත.

අමිත් හා පී‍්‍රති ළඟ තිබූ මීනාක්ෂිගේ ජංගම දුරකතනයේ සිම්කාඩ් පත පසුව හමුවී ඇති අතර, මොවුන් මෙම ඝාතනය සිදුකළ බව පිළිගෙන ඇත.
ඉන්දීය පොලිසිය විසින් මීනාක්‍ෂිගේ සිරුර සොයාගත් අවස්ථාවේ ඡායාරූපයක් පහත දැක්වේ.

 
Related Posts with Thumbnails