Ads 468x60px

.

හොදම පොප් ගායිකාව ලෙස අශාන්ති පිදුම් ලබයි


අශාන්ති ද අල්විස් හොදම පොප් ගායිකාව ලෙස බයිට් මයි මියුසික් ග්ලෝබල් සම්මානය දිනා ගත්තාය.
අශාන්ති මෙම සම්මානය දිනාගෙන ඇත්තේ ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඉන්දුනීසියා ගායික ගායිකාවන් අභිබවමිනි.

බයිට් මයි මියුසික් සම්මාන උළෙල හැඳින්වෙන්නේ ලොව විශාලතම ස්වාධීන සංගීස සම්මාන ‍උළෙල ලෙසය.



ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු ස්වාධීන සංගීත‍යේ ලෝක කුසලානය ලෙස ද මෙම සම්මාන උළෙල හඳුන්වනු ලැබේ.

මෙහි සම්මාන සදහා සුදුස්සන් තොරා ගැනෙන්නේ විනිශ්චය මණ්ඩල නිගමන හා අන්තර්ජාල ඡන්ද අනුවය.

ඡන්දය ප්‍රකාශ කිරීම පෙබරවාරි 29වැනි දින ඇරඹි අතර එය සති දෙකක් විවෘතව පැවතුණි.
 
Related Posts with Thumbnails