Ads 468x60px

.

ජෝන් ඒබ‍්‍රහම්ට ඇබැද්දියක් ජෝන් ගේ රසිකාවියක් ජෝන් ගේ ශුක‍්‍රානු සාම්පලයක් ඉල්ලලා

ඇය ජෝන් ගේ හැර වෙනත් කිසිවෙකුගේ ශුක‍්‍රානු ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරලා...

සිය අළුත්ම චිත‍්‍රපටිය වන විකී ඩෝනර් හරහා ශුක‍්‍රානු පරිත්‍යාග කිරීමේ කර්තව්‍යයට සහය දැක්වීමෙන් අනතුරුව සුපිරි බොලිවුඩ් නළු ජෝන්ට අපූරු ඇබැද්දියකට මුහුණ පෑමට සිදුවූ බව වාර්තා වේ.


ශුක‍්‍රානු පරිත්‍යාග කිරීම තේමාවක් වන මෙම චිත‍්‍රපටියේ ප‍්‍රවර්ධන කටයුතු වලදී ජෝන් පවසා ඇත්තේ සත්‍ය ජීවිතයේ වුවද තමා ශුක‍්‍රානු පරිත්‍යාග කිරීමට පසුබට නොවන බවයි. කෙසේ වෙතත් එලෙස සිදුකරන්නේ හුදෙක් පරහිතකාමී අදහසකින් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.



මෙම ප‍්‍රකාශයත් පසුව ජෝන්ට නන් දෙසින් ලියුම් ගලා ඒමට පටන්ගෙන ඇති අතර, මේ අතර ජෝන් ගේ ම ශුක‍්‍රානු ඉල්ලා සිටින විවාහක කාන්තාවක් ද වේ.


තමා ජෝන් ගේ රසිකාවියක් බවත් තමාට දරුවන් නොමැති බවත් පවසන ඇය, මෙලෙස ජෝන් ගේ ශුක‍්‍රානු සාම්පලයක් ඉල්ලා ඇත.


ඇය ජෝන් ගේ හැර වෙනත් කිසිවෙකුගේ ශුක‍්‍රානු ලබාගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ජෝන් ඒබ‍්‍රහම් විසින් නිෂ්පාදනය කරනු ලබන විකී ඩෝනර් චිත‍්‍රපටිය පසුගියදා තිරගත වූ අතර, ආයුෂ්මන් කුරානා, යාමී ගෞතම් හා අන්නු කපූර් මෙහි ප‍්‍රධාන චරිත වලට පණපොවයි.
 
Related Posts with Thumbnails