Ads 468x60px

.

අප‍්‍රිකානු ජනපති හැත්තෑවෙනි උපන්දිනය සැමරුවේ බහු විවාහයන් හයකුත් එක්කලු

එම බිරියනට දාව උපන් දරු දැරියන් 20ක්...


දකුණු අප‍්‍රිකානු ජනපති ජාකොබ් සුමා සිය හැත්තෑවෙනි උපන්දිනය සැමරුවේ ඉකුත් 12 වැනිදාය. හැත්තෑ හැවිරිදි ජාකොබ් 6 වැනි වරටත් ඉදිරි සතිය තුළ විවාහවීමට නියමිතය.


බහු විවාහය දකුණු අප‍්‍රිකාවේ නීති විරෝධී කරුණක් නොවේ.
සුමා දැනට ජීවත්වන්නේ ද බිරියන් තිදෙනකු සමඟ වන අතර එම බිරියනට දාව උපන් දරු දැරියන් 20ක්ද ඔහුට සිටිති.වසර 1959 දී හමුවූ ගෙට්රූඞ් කුමාලො සුමාගේ පළමු බිරිඳ වූ අතර මේ දෙදෙනාට දරුවන් නොසිටියේය.



ඔහුගේ දෙවැනි බිරියවූයේ කොසන්සා සුමාය.දෙවැනි බිරිඳ වූ කොසන්සා දරුවන් සිව්දෙනකු බිහිකළාය.ඇය වර්තමාන අප‍්‍රිකානු කොංග‍්‍රස් ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමැති වුවත් ඇය ජනපති සැමියාගෙන් දික්කසාද වූයේ 1998 ජුනි මාසයේය.


ඔහුගේ තෙවැනි බිරිඳ කේට් මැන්ෂෝ මොසෑම්බික් ජාතික කාන්තාවක් වන අතර ඇයට ද දරුවන් පහක් සිටී. ඒ අතර නිවුන් දරු උපතක්ද සිදුවිය.කෙසේවුවද සුමා හා කේට් අතර විවාහය වසර 24කට සීමා වූ අතර ඇය සිය දිවි නසාගත්තාය.ඇය සියදිවි නසාගෙන තිබ්ණේ තමාගේ විවාහදිවිය අපායක් බව සඳහන් කරමිනි.


ජාකොබ් සිය සිව්වැනි බිරිඳ හා විවාහ වුයේ මීට සිව්වසරකට පෙර 2008 වසරේදීය.ඇය ජාකොබ්ට වඩා වසර 33ක් බාලවූ අතර ඇයටද දරුවන් තිදෙනෙකු සිටී.ඩිම්පුමෙලා ට‍්‍රලි නම් ඇය ජාකොබ්ගේ බිරිය ලෙස සිටියදී ඔහු 2010 නැවත වරක් විවාහයක් කරගත්තේය.


මෙවර ඔහු විවාහ වූයේ ටොබෙකා මැලිබා සමඟය.මෙවන විට මැලිබාද දරුවකුද බිහිකර ඇත.ජනපති භාර්යාවන් අතර බරපතළ ගැටුම් ඇති බව පසුගිය කාලයේදී මාධ්‍ය අනාවරණය කර තිබිනි.


සිය බිරින්දෑවරුන්ට හා දරුවන්ට ජීවත්වීම සඳහා සුමා ඉදිකළ නිවසේ කාමරවලට යැම සඳහා ජනපති මන්දිරයේ සිට උමං මාර්ග ඉදිකර ඇති අතර ඒ සඳහා කාමර මි. මී. 32 වෙඩි නොවදින වීදුරුවලින් ආවරණය කර ඇත.


2010 දකුණු අප‍්‍රිකාවේදි ලෝක පාපන්දු තරගය පැවැත්වෙන සමයේදී මේ ජනපතිවරයා වඩාත් අපහසුවට, ලැඡ්ජාවට පත්වන පුවතක් එරට මාධ්‍යවල පළවිය.


ඒ ඔහුගේ සිව්වැනි බිරිඳ ට‍්‍රලි ඇගේ ආරක්ෂකයකු නිසා ගැබ් ගැනීමය. ජාකොබ් සුමා සිය අනාගත බිරිය, හය වැනි බිරිය වූ ග්ලොරියා බොන්සි සමග ඊයේ (21) විවාහ දිවියට එළඹියේය.


දැනටමත් ඇය සුමා නිසා මවක් වී සිටින අතර ඩර්බන්හි ව්‍යාපාරික කාන්තාවක් වන බොන්ගි සුමාට දාව පිරිමි දරුවකු බිහි කළේ 2005 දීය.
මේ මංගලෝත්සවය සඳහා රජයේ මුදල් කිසිවක් භාවිත නොකෙරූ බවද පැවසේ.


සුමා දකුණු අප‍්‍රිකාවේ ජනපති වූයේ 2009 මැයි 09 වැනිදාය.වසර 1959 සිට අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ ක‍්‍රියාකාරිකයකු වන ඔහු 2007 දෙසැම්බර් 18 වැනිදා අප‍්‍රිකානු කොංග‍්‍රසයේ නායකත්වයට පත්විය.



 
Related Posts with Thumbnails