Ads 468x60px

.

ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මුබාරක් අත්අඩංගුවට

යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා මරුමුවට...
තවත් පුද්ගලකුට තුවාල...
පදවා ඇත්තේ මුබාරක්...
 
ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද දහවල් 2.00 ට පමණ මයික්කුලම ප්‍රදේශයේ දී යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා මරුමුවට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ජෙහාන් මුබාරක් විසිනුයි.



හලාවත ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා යන අතරතුර මෙලෙස අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය-වතුවත්ත පදිංචි කරුවකු බව කියන ප්‍රදීප් කුමාර නමැති අයෙකු වන අතර තුවාල ලැබූ පසු පැදිකරු වන්නේ වතුවත්ත පදිංචි එම්.පී මාකස් උදයකුමාර නමැති අයෙකි.

ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් විදේශිකයන් සමග විල්පත්තු වනෝද්‍යානය නැරඹීම සඳහා ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතිඇති අතර අනතුරෙන් පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බවත් වාර්තාවේ.

 
Related Posts with Thumbnails