Ads 468x60px

.

Google නොහොබිනා ක්‍රියාවට එරෙහි නඩුව යළිත් කරළියට

YouTube හි, අවසරයකින් තොරව සිය වීඩියෝ පළකිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව Viacom මාධ්‍ය සමාගම විසින් පවරා තිබෙන නඩුව නැවතත් කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 


බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ YouTube අයිතිය හිමි Google විසින් දැවැන්ත අන්තර් ජාතික බුද්ධිමය දේපොළ හිමිකම් උල්ලංඝනයක් කරන බවට Viacom සමාගම විසින් චෝදනා ගොනුකර තිබෙන බවයි. 


2010 වසරේදී Google සමාගමට එරෙහිව ඇමරිකානු පහළ අධිකරණයක ගොනු කෙරුණු මෙම නඩුව ඉවත දැමීමට කටයුතු කර තිබුණි.කෙසේ වෙතත්, පසුව එරට අභියාචනාධිකරණය පවසා තිබෙන්නේ මෙම නඩුව විසිකර දැමීම අත්වැරැද්දක් නිසා සිදුවූවක් බවත් බුද්ධිමය ‍ෙද්පොළවල මෙවැනි හිමිකම් උල්ලංඝනයක් කිරීම පිළිබඳව විභාග කිරීමේ අවස්ථාවක් තිබෙන බවයි. 

2006 වසරේදී Google විසින් YouTube මිලදී ගත්තේ ඩොලර් බිලියන 1.76 කටයි.Viacom මාධ්‍ය ජාලයට සුප්‍රසිද්ධ කේබල් රූපවාහිනී නාලිකා වන MTV, Comedy Central හා Nickelodeon අයත් වේ. 

Viacom චෝදනා කර තිබෙන්නේ අවසරයකින් තොරව සිය රූපවාහිනී නාලිකාවල විකාශය වන වීඩියෝ දස දහස් ගණනක් YouTube හි පළකිරීම නීති විරෝධී ක්‍රියාවක් බවත් ඒ පිළිබඳව Google හා YouTube දැන සිටියත් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි.
 
Related Posts with Thumbnails