Ads 468x60px

.

අරලියගහ මන්දිරයේ තේ පැන් සංග්‍රහය ඉන්දීය නියෝජිතයින් ප්‍රතික්ෂේප කරලා

වැඩසටහනට පිටින් කටයුතු කරන්න එපා කියලා...

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 17දා පෙරවරුවේ අරලියගහ මන්දිරය තුළ තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණද, එම පිරිස එම සංග්‍රහය කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.


ඉන්දීය රජය විසින් සකසන ලද වැඩසටහන යටතේ එම නියෝජිත පිරිසට ජනාධිපතිවරයා හමු වීමට නියමිතව ඇත්තේ ලබන 20වනදාය. එහෙයින් එම වැඩසටහනට පිටින් කටයුතු නොකරන ලෙස ඉන්දීය නියෝජිත පිරිසට උපදෙස් දී ඇත්තේ එරට විදේශ අමාත්‍යාංශය විසිනි.

කෙසේ වුවද එම ඉන්දීය නියෝජිත පිරිස, ඉන්දීය හිතෛෂියකුවන ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී දීර්ඝ වේලාවක් සුහද කතාබහක නිරතවී තිබේ.

16දා රාත්‍රි දිවයිනට පැමිණි. ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින් ලබන 21 දක්වා ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දී සිටින ගැටලූ සම්බන්ධයෙන් සොයා බලනු ඇත.
 
Related Posts with Thumbnails