Ads 468x60px

.

ඒ ආරාධනය මා බොහොම කැමැත්තෙන් පිළිගත්තා - සාරංග

සාරංග සමඟ සිල්ගත් කොක්කු...

මේ දවස්වල පුංචි තිරයෙන් ඔබ හමුවට එන සාරංග දිසාසේකර කියන ඔබගේ හදවත දිනූ ඒ සොඳුරු රංගන ශිල්පියා ආයෙත් වේදිකාවට පය තියලා.

‘ඇත්තද මේ?’අපි සාරංගට කතා කළා. මේකෙ ඇත්ත නැත්ත දැනගන්න.


‘මම වේදිකාවේ රඟපාන දෙවැනි අවස්ථාව තමයි මේ සිල්ගත් කොක්කු කියන්නේ. වේදිකාව රංගන ශිල්පියෙකුට අපූරු රංගන පාසලක්. රංජිත් අල්විස් කියන වේදිකා නාට්‍යකරුවාගෙන් ලැබුණු ඒ ආරාධනය මා බොහොම කැමැත්තෙන් පිළිගත්තා.’

රංජිත් ද අල්විස්ගේ නවතම වේදිකා නාට්‍යයක් වන ‘සිල්ගත් කොක්කු’ නාට්‍ය සඳහා ගාමිණී හෙට්ටිආරච්චි, මනෝහාරී විමලතුංග, මල්කාන්ති ජයසිංහ, සන්ධ්‍යා රඹුක්කනගේ, ලෝචනා හිමාෂි, අනුර ශ්‍රීනාත්, ගිවන්ත අර්ථසාද් යන ප්‍රවීණ හා යොවුන් ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංග නයෙන් සහභාගි වේ. 

විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීතය සපයන වේදිකා නාට්‍යයක් වන සිල්ගත් කොක්කු හි නිෂ්පාදනය රූපසිංහ ගලප්පත්තිගෙනි.
 
Related Posts with Thumbnails