Ads 468x60px

.

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නුරානියා හසන් මහතා රිය අනතුරකින් මියයයි

වෑන් රථය ලොරියක හැප්පිලා...
තවත් පස් දෙනෙකු තුවාලයි...

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අලෙවි අංශයේ අධ්‍යක්ෂකවරයෙකු හා ප‍්‍රවර්ධන නිළධාරියෙකු වු නුරානියා හසන් මහතා අභාවප‍්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.‍ 

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂක ජනරාල් ගේ කාර්යාල ප‍්‍රකාශකයෙකු වන සමන්ත වැලිවේරිය පැවසුවේ අද (19) උදෑසන සිදුවු රිය අනතුරකින් ඒ මහතා මිය ගොස් ඇති බවයි.



ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් යාපනය නගරයේ හෙට (20) පැවැත්වීමට තිබු සංගීත ප‍්‍රසංගයේ වැඩකටයුතු සඳහා කොළඹ සිට යාපනය බලා යමින් සිටි අතරතුර අනුරාධපුර රඹෑව ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

මෙම පිරිස ගමන්ගත් වෑන් රථය ලොරියක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බව සඳහන් වේ.අනතුරින් ඒ මොහොතේ වෑන් රථයේ සිටි තවත් පස් දෙනෙකු හා ලොරි රථ රියදුරාද තුවාල ලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.ලොරි රියැදුරාට සහ වෑන්රියේ ගමන් කළ අයකුගේ තත්ත්වය බරපතල බව ‍රෝහල් ආරංචි මාර්ග කියයි.

හසන් මහතාගේ දේහය මාවනැල්ලේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කිරීමට නියමිතය.




 
Related Posts with Thumbnails