Ads 468x60px

.

උපන් දින සාදයක් වුණත් අමුතුම ආකාරයේ උත්සවයක්

පියාව මගුල් ගෙදරක යනවා කියා එක්කන් ගිහින්...

පසුගිය මාර්තු 31 වැනි සෙනසුරාදා කොළඹ ‘ජෙයික් හිල්ටන්’ මහල් ගොඩනැගිල්ලේ ‘බෝල්රූම්’ ශාලාවේ අමුතු ආකාරයේ උත්සවයක් සංවිධානය කොට තිබුණා.එය උපන් දින සාදයක් වුණත් මම එය අමුතුම ආකාරයේ උත්සවයක් යැයි කිවේ මේ උපන් දින සාදයේ කතානායකයාට නොදන්වා මෙම සාදය රහසිගතව සංවිධානය කොට තිබීමයි. කවුද මේ කතානායකයා? 


70 දශකයේ නිපද වූ ජනප්‍රිය චිත්‍රපට තුනක නිෂ්පාදකවරයා ඔහුයි. ඔහු නමින් ඩී. එම්. චන්ද්‍රසේන. ඔහු නිෂ්පාදනයට දායක වූ චිත්‍රපට අදත් අපේ මතකයේ රැඳී පවතිනවා. ඒවා නම් ‘හතර වටේ’, ‘පයිලට් ප්‍රේමනාත්’, සහ ‘ඔබයි මමයි’.

අද සමාජයේ සමහර දූ දරුවන් තම දෙමාපියන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන යුගයක ඩී. එම්. චන්ද්‍රසේන මහතාගේ පුතුන් දෙදෙනාත් එකම දියණියත් මූලිකව එකතු වී තම පියාගේ 80 වැනි ජන්ම දිනයේ ඔහු වෙනුවෙන් අගනා උපන් දින සාදයක් පවත්වා දැක් වූ මේ උපහාරය පිය සෙනෙහසට කදිම නිදසුනක්. 

ඩී. එම්. චන්ද්‍රසේන මහතා උත්සව ශාලාවට එන තෙක් ඔහු දැන සිටියේ නැහැ මෙවන් උත්සවයක්. හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගි වෙන මුවාවෙන් චන්ද්‍රසේන යුවළ උත්සව සභාවට පොඩි රැවටිල්ලකින් කැඳවා ගෙන ඒමට කටයුතු කිරීමට දරුවන් තීරණ කොට තිබුණා. 

චන්න විජේවර්ධනගේ නර්තන සිසුවියන්ගේ පිළිගැනීමෙන් සහ ඥාති දියණියන් පිළිගැන් වූ මල්දම් මාලාවලින් මේ යුවළට අවබෝධ වුණා, මේ උපහාරය අපටයි කියා. චන්ද්‍රසේන යුවළගේ සිත්වල සතුට දෝරේ ගලා යන බව ඔවුනගේ නෙත් මොනවට පැවසුවා.

පවුලේ කට්ටිය
රෝයි, සුමනා යුවළ චන්න විජේවර්ධන සමඟ සතුටු සාමිචියේ . . .
කථනයෙන් දායක වූ ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි, මිලිනා සුමතිපාල මහත්මිය සහ ජගත් සුමතිපාල මහතා සමඟ කතා බහක . . .
සංගීතා වීරරත්න සිය මෑණියන් සමග චන්ද්‍රසේන යුවළට සුබ පතන්න ඇවිත් . . .
ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන, ශ්‍රියානි අමරසේන,ගායිකා සුජාතා අත්තනායක, ඉනෝකා අමරසේන, සහ නවරත්න අත්තනායක සාදයට සහභාගි වූ අයුරු.

 
Related Posts with Thumbnails