Ads 468x60px

.

40% යි ගෙවන්නේ මම කොන්ත‍්‍රාත්තුව අත්සන් කරන්නේ නෑ - ලසිත් මාලිංග

ඒත් ඕනෑම මොහොතක රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට මම සූදාම්...

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ඉදිරි වර්ෂය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ වන කොන්ත‍්‍රාත්තුව අත්සන් නොකිරීමට තීරණය කර තිබේ.


කි‍්‍රකට් ආයතනය මගින් තමන්ට ලබාදීමට තීරණය කර ඇති කොන්ත‍්‍රාත් ප‍්‍රතිශතය පහළ මට්ටමක තිබීමේ හේතුවෙන් මෙම තීරණය ගත් බවත් පවසන මාලිංග 40%ක ගෙවීම් ප‍්‍රතිශතය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවද ඔහු කියා සිටී.

කෙසේ වුවත් ඔහු පවසන්නේ ගිවිසුම් ගත නොවුනද  ඕනෑම මොහොතක රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට තමන් සූදාම් බවයි.මාලිංග වසර දෙකක පමණ කාලයක සිට ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක‍්‍රීඩා නොකරන අතර ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ යම් මතබේද ඇතිකරගෙන සිටි බවද සඳහන්ය.

පසුගියදා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබුනේ ක‍්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත නොවන ක‍්‍රීඩකන්ට ආයතනයේ සම්පත් පරිහරණය කිරීමට ඉඩ නොදීමටය. එසේම ක‍්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත අදහස් දැක්වීමද වලකාලන කොන්දේසියක් නව ගිවිසුමේ සඳහන් වන බවද පැවසේ.
 
Related Posts with Thumbnails