Ads 468x60px

.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බැලීම අනතුරුදායකලු

බලා ගැනීම මඟ ඇරුනොත් අයෙත් බලන්න වෙන්නේ  2117දී...

සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කිරීම හෙවත් “සිකුරු සංක්‍රාන්තිය” සිය ජීවිත කාලය තුළ යළිත් එක්වරක් ලබන 6දා දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවන බව තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.


ඒ අනුව ලබන 6දා උදෑසන සූර්යාගේ උදාවත් සමග සිකුරු ග්‍රහලෝකය සූර්යයා මතුපිට කුඩා කළු පැහැ තිතක් සේ ගමන් කරනු දක්නට ලැබෙන අතර එහි මධ්‍ය අවස්ථාව 6දා පෙ.ව. 7.3ට උදාවේ. පුරා පැය 7ක කාලයක් දර්ශනය වීමට නියමිත මෙම සිකුරු සංක්‍රාන්තිය එදින පෙ.ව. 10.22ට අවසන් වීමට නියමිතය.

සූර්යා වටා අනෙක් ග්‍රහලෝක ගමන් කිරීමේදී සිකුරු ග්‍රහයා පෘථිවිය සහ සූර්යා එකම රේඛාවකට පැමිණීමෙන් සිදුවන මෙම සිකුරු සංක්‍රාන්තිය මෙරට නැගෙනහිර පළාත්වාසීන්ට වඩාත් හොඳින් දර්ශනය වනු ඇතැයි චන්දන ජයරත්න මහතා කීය. මෙය පියවි ඇසින් බැලීම ඇස් අන්ධ වීමට පවා බලපෑ හැකි බැවින් එ සඳහා ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කළ යුතු බවද හෙතෙම කීය.

අවසාන සූර්ය සංක්‍රාන්තිය සිදුවුණේ මීට වසර 8ට පෙර එනම් 2004 වසරේදී වන අතර ඊළඟ සිකුරු සංක්‍රාන්තිය වීමට නියමිතව ඇත්තේ 2117 වසරේදීය.

සිකුරු සංක්‍රාන්තිය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලයේත්, කොළඹ විශ්වවිද්‍යාලයේ හා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ මැදිරි ඇති කිරීමට කටයුතු යොදා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයීය නිරීක්ෂණ මැදිරියේ දර්ශන වබේ අඩවියක් හරහා ජනතාවටද නැරඹීමට කටයුතු යොදා ඇති බවත් අදාළ වබේ අඩවිය පසුව දැනුම් දෙන බවත් ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

සිකුරු සංක්‍රාන්තියට තව දින 09 යි

සිකුරු සංක්‍රාන්තිය පෘතුවියේ සිට දැක ගන්නට ලැබෙන අවසාන අවස්ථාව

 

 
Related Posts with Thumbnails