Ads 468x60px

.

කොටට නිල ඇඳුම ඇඳගෙන ආවයි අවවාද කිරීමට කිපී දැරියගේ පියා විදුහල්පතිගේ ඇටකටු බිඳලා


විදුහල්පති ගෙදර යද්දී ත්‍රීරෝද රථයකින් පාර හරස් කර හොඳටම ගහලා ...

ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට කිහිපවරක්ම පැමිණි ශිෂ්‍යාවකට මව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසුව ගම්පහ මිශ්‍ර පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයක් විකට්ටුවකින් පහර කා ගම්පහ රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.


ඇහිබැම සකස්කර නිය ආලෙප ගා නිල ඇඳුම දනහිසෙන් උඩට ඇඳ පාසලට පැමිණි සිසුවියකගේ දෙමවුපියන්ගෙන්වා අවවාද කිරීමට කිපී මෙම පහරදීම කර ඇතැයි පැවසේ.

විදුහල්පති කාරයෙන් ගෙදර යද්දී දැරියගේ පියා ත්‍රීරෝද රථයකින් පැමිණ පාර හරස් කර එල්ල කළ මේ ප්‍රහාරයෙන් නියෝජ්‍ය විදුහල්පතිගේ ඇටද බිඳී ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.




 නියෝජ්‍ය විදුහල්පති
 
Related Posts with Thumbnails