Ads 468x60px

.

ඉටිමල් නිසා රන්ජන් අනර්කලී යළිත් පෑහෙයි (පින්තුර)

අනර්කලී හා රන්ජන් අතර හාදකමක් ඇති බවට රාවයක්...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි අනර්කලී ආකර්ෂා, ජනපි‍්‍රය සිනමා නළු රන්ජන් රාමනායක හා යළිත් පෑහී ගණුදෙනු කිරීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ. 


මොවුන් මෙසේ පෑහී ගණුදෙනු කිරීම ආරම්භ කර ඇත්තේ සුරංජන් විජේනාම විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘ඉටිමල්’ ටෙලිනාට්‍ය සඳහා බවද පැවසේ.

කෙසේ වුවද පසුගිය කාලයේදී අනර්කලී හා රන්ජන් අතර හාදකමක් ඇති බවටද රාවයක් තිබිණි.මෙම ටෙලියේ එක් දිනක රඟපෑම වෙනුවෙන් රන්ජන්ට රුපියල් 25,000 ක් ගෙවන බවද පැවසේ.

සිංහල සිනමාවේ අවසන් වීරයා රන්ජන් බව ප‍්‍රවීන විචාරක ගාමිනී වේරගම මහතා මීට පෙර හෙලි කර තිබිණි.රන්ජන් පසුගිය කාලයේදී චිත‍්‍රපට 10ක රඟපෑම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බවද වාර්තා වේ.

ඒ අතරින් මේවන විට සිද්ධාර්ථ, මායා, පරපුර හා ජීවිතය ලස්සනයි යන චිත‍්‍රපටවල රූගත කිරීම් අවසන් කර ඇතැයි ද පැවසේ.රන්ජන්ට මායා චිත‍්‍රපටය වෙනුවෙන් රුපියල් මිලියන 2ක් ගෙවූ බවද වාර්තා වේ.


 

 

 

 

 

 
Related Posts with Thumbnails