Ads 468x60px

.

පියාව ඝාතනය කරන බව කියා කප්පම් ඉල්ලු අනුෂ්කා සොනාලි වරද පිළිගනියි

පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් ඉල්ලලා...

තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂ්කා සොනාලි සායක්කාර පොලිසිය විසින් අත් අඩංගුවට නු  ලැබුවා.

අනුෂ්කා සොනාලි තවත් පිරිසක් සමග කොම්පඥ්ඥ විදියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයට ගොස් පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් මුදල් ඉල්ලා ඇති අතර මෙම කප්පම් මුදල් ලබා නොදෙන්නේනම් පාතාල සාමාජිකයන්ට කියා පියාව ඝාතනය කරන බව නිළිය විසින් තර්ජනය කර ඇත.

ඒ අනුව අනුෂ්කා සොනාලි සායක්කාර ගේ පියා වන චන්ද්‍රසිරි සායක්කාර මහතා ගොනු කල පැමිණිල්ලකට අනුව එම නඩුව පසුගියදා විභාගයට ගැනුන අතර එහිදී ටෙලි නිළිය තම වරද පිළිගෙන ඇත.



එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ මුදල් ඉල්ලා ඇති නමුත් සිය පියාට කිසිදු කරදරයක් අනුෂ්කා විසින් කර නොමැති බවයි.ඒ අනුව ඉසිරියේදී සිය පියාගේ නිවසට යාමෙන් ඇය වැලකි සිටින බවට නීතිඥවරයා විසින් අධිකරණයට දන්වා ඇත.


එයට අනුශ්කාගේ පියාද එකඟ වී ඇති අතර අනුෂ්කා සොනාලි හට රුපියල් 1000 ක ගාස්තුවක් ගෙවීමට නියමකර ඇත.
 
Related Posts with Thumbnails