Ads 468x60px

.

බොලිවුඩයේ නවතම සුරූපිනිය නතාලියා

හෙරෝයින් චිත‍්‍රපයටත් නතාලියා රංගනයෙන් දායකවේ...

බොලිවුඩයේ නවතම සුරූපිනය වන නතාලියා කවුර්, රාම් ගෝපාල් වර්මා (රාමු) ඇගේ දෙවියන් වහන්සේවත් උපදේශකයාවත් නොවන බව පසුගිය දා මාධ්‍යට පැවසීය. 


බොලිවුඩයේ තරු ගොන්නට නවක තරු හඳුන්වා දෙන ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂක රාම් ගෝපාල් වර්මාගේ නවතම හඳුන්වා දීම වන්නේ නතාලියා කවුර් ය.

මීට පෙර උර්මිලා මතෝන්ඞ්කාර්, අන්තරා මලී, නිශා කොතරී යන නිලියන්ද ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම මුහුණු විය.
රාමුගේ තිරගත වීමට නියමිත ‘ඩිපාර්ට්මන්ට්’ චිත‍්‍රපටයටත් අද්භූත ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් වන හෙරෝයින් චිත‍්‍රපයටත් නතාලියා රංගනයෙන් දායකවේ.

බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි උපන් නතාලියාගේ පියා ඉන්දියානු සම්භවයයක් ඇත්තකි. මව බ‍්‍රසීල ජාතික කාන්තාවකි.මෝස්තර නිරූපිකාවක වූ නතාලියා බොලිවුඩ් සිනමාවට මහත්සේ ඇලූම්කරයි. 

ඇය ඒ පිළිබඳ පොත් පත් කියවා පර්යේෂණවලද නියැලී ඇති අතර විනෝදයට හෝ වෙනත් අරමුණකින් සිනමාවට එක් නොවන බවද පවසා ඇත.

නිළියක ලෙස තම වෘත්තීය ජීවිතය මහත් කැපවීමෙන් ගොඩනගාගන්නා බව පවසන ඇය බොලිවුඩයේ සියලූ නළු නිලියන්ට ගෞරවය පුදකරන  බවද පවසයි.

ඇය මේ වනවිටත් රණා ඩග්ගුබාති සමඟ එක්ව චිත‍්‍රපටයක් කිරීමට සූදානමින් සිටින අතර එහි රූපගත කිරීම් එළෙඹෙන ජුලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails