Ads 468x60px

.

ස්වාමින් වහන්සේලා පෙන්ෂුයි පිළිම ප්‍රතික්ෂේප කරද්දී බුද්ධ ශාසන ලේකම්ගේ බිරිඳ ඒවා ලංකාවට ගෙන්වයි

මර්වින් රන් පළදින රහස කැෂියන් ගේ බිරිඳගේ පෙන්ෂුයි ලු...

චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් කීවේය.




තවද චීන ෆෙන්ෂුයි පිළිම ලංකාවට ලන්වන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් කැෂියන් හේරත් මහතාගේ බිරිඳ බවද  අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවා.

එම අවස්ථාවට සහභාගී වූ බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් මහතා දෙස බලා ‘මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි” යැයි ද කීවේය.

එසේම බෞද්ධ ස්වාමින් වහන්සේලා මෙම පෙන්ෂුයි පිළිම ගැන ප්‍රතිවිරුද්ධ මත පළකරද්දී බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම්ගේ බිරිඳ වන තිලංගනී හේරත් විසින් ඒවා ලංකාවට ගෙන්වීමම බෞද්ධයන්ගේ අභාග්‍යයකි.

බටහිර රටවල ගස් පඳුරු අසල බුදුපිළිම තබන කලාව බිහිවී ඇත්තේ චීන පෙන්ෂුයි අනුව වන අතර එය කැෂියන් හේරත් මහතාගේ නිවසේද දැකගත හැකිය.



බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් ගේ හැසිරීමේ ප්‍රශ්නකාරී එකක් බවට පත්වී තිබෙන අතර මෑත කාලීනව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ආගමික මධ්‍යස්ථාන වැටලීමේදීද ඔහු ඒවාට සෘජුවම විරුද්ධ විය.

අනුරාධපුරයේ අනවසර පල්ලිය ඉවත් කිරීම, ලිබර්ටි ප්ලාසාහි ජනතාවගේ මුදල් ගසා කෑ ආගමික ස්ථානය ඉවත්කිරීම සම්බන්ධයෙන් ඔහු විරුද්ධ වී තිබුණි. ඒ අනුව ඒවා ඉවත්කිරීමට නියෝග ලබාදුන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ජේෂ්ඨ ලේකම් එම්.එස් කපුකොටුව මහත්මිය ඔහු විසින් වෙනත් අමාත්‍යංශයකට මාරුකොට යැවුනේ මීට මාස 8කට කලිනි.

බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් වනාහි මහාපරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ තිලංගනී හේරත් මෙරටට ෆෙන්ග් ෂුයි වන්දනාව පුරුදු කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල තැනැත්තියක් බව මීට පෙර අප පවසා ඇත්තෙමු

ෆෙන්ග් ෂුයි උපදේශන සේවා ලබාදෙන ඇයගේ මධ්‍යස්ථානයද පිහිටා තිබෙන්නේ ලිබර්ටි ප්ලාසාහිය. එයට අමතරව ඇය "නිර්මාණ ඉංජිනේරු උපදේශන සේවාව" පවත්වාගෙන යයි. කැෂියන් හේරත් සහ තිලංගනී හේරත් ගේ පුතු දුලිත් හේරත් කප්රුක වෙබ් අඩවිය පවත්වාගෙන යයි.

2008-2009 වසර වලදී ලංකාව තුල ඉතා සැලසුම් ගතව ජනතාවට ලංවූ ෆෙන්ෂුයි වංචා කරුවන් මුළු රට පුරාම ෆෙන්ෂුයි පිළිම භාවිතයට ජනතාවට පුරුදු කලේය. කකුල් තුනේ ගෙම්බන්, ගෝනුස්සන් ඉබ්බන්, අශ්ව ලාඩම්, ලාෆින් ගෝඩ් හෙවත් කුබේර පදළදම නිවසේ ව්‍යාපාර ස්ථානයේ තබා ගැනීමෙන් "හතර මහා නිධානය" පහළ වන මානසික තත්ත්වයකට ජනතාව රැගෙන ඒමට ඔවුන්ගේ කපටි උපක්‍රම වලට හැකිවිය.




 
Related Posts with Thumbnails