Ads 468x60px

.

ලෙඩා මලත් බඩ සුද්දයි - ප්‍රමිතියෙන් තොර තෙල් නිසා රුපියල් ලක්‍ෂ 18ක්‌ ලාභයිලු

ඇත්තටම මෙම ගනුදෙණුව නිසා මිලියන 140ක පාඩුවක් සිදුවෙලා ...

පසුගියදා සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් මිලදී ගෙන මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet Oil) ටොන් 7,500 භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 14ක් හෙවත් මිලියන 140 ක්‌ වන බව තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබෙනවා.


නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ තවත් හේතුවක්.

ගෙනා ගුවන් යානා තෙල් ටොන් 20,000ක් අතුරින් ප්‍රමිතියෙන් තොර තෙල් ටොන් 7,500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇති අතර ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්‍ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක්‌ ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් සමාගමද වෙනම රසායනාගාර පරීක්‍ෂණයක්‌ සිදුකර තිබෙන අතර ඒවායේ හා භූමිතෙල් වල වෙනසක් තිබී නොමැත.

එබැවින් එම තෙල් ටොන් 7500 ක්‌ භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමේදී තෙල් සංස්ථාවට සිදුවන රුපියල් මිලියන 140ක පාඩුව වෙනුවෙන් එක් තෙල් බැරලයකට ඩොලර් ශත විසිපහක්‌ බැගින් මිල වට්‌ටමක්‌ ලබාදීමට අදාල ආයතනය කටයුතු කර තිබෙනවා.

බැරලයකට ඩොලර් ශත විසිපහක්‌ යනු බැරලයකට ලැබෙන ලාභය රු. 32ක් පමණ වේ. තෙල් බැරලයක ලීටර් 159ක් පමණ අඩංගු නිසා ඒ අනුව ලීටරයකට ශත 20ක පමණි

මිලියන 140ක පාඩුවක් සිදුවී තිබෙන මෙම ගනුදෙණුව ගැන දිනමිණ පුවත්පත පවසන්නේ ලෙඩා මලත් බඩ සුද්දයි මෙන් බාල ගුවන් යානා තෙල්වලින් එක් බැරලයකට අමෙරිකානු ඩොලර් 0.25ක වට්ටමක් හිමිවීම නිසා රුපියල් ලක්‍ෂ 18ක ලාභයක් රජයට හිමිවන බවයි

"සිංගප්පූරුවෙන් ආනයනය කළ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 7500 වෙනුවෙන් එක් බැරලයකට අමෙරිකානු ඩොලර් 0.25ක වට්ටමක් හිමිවීමෙන් රුපියල් 1,787,466ක ලාභයක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිව තිබේ.

ඒ අනුව එම තෙල් තොගය භූමිතෙල් වශයෙන් භාවිතයට ගැනීම සඳහා තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා අනෙකුත් අවස්ථාවන්හිදී ආනයනය කරන මිල ගණන්වලට වඩා අඩු මිලකට භූමිතෙල් තොගය ලැබීමත් සමඟ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අමතරව අදාළ තෙල් තොගය රැගෙන ආ නෞකාව දින තුනක් ප්‍රමාද වීම හේතුකොටගෙන දිනකට ඇමරිකානු ඩොලර් 4000 බැගින් ඩොලර් 12000ක මුදලක් සිංගප්පූරුවේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන බවද එම අමාත්‍යාංශය කියයි"








ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වා ජනතා මුදල් කෝටි ගනනින් විනාශ කල මෙම ගනුදෙනුවට වැරදිකාරයෙක් තවමත් නොමැත.
 
Related Posts with Thumbnails