Ads 468x60px

.

හිමිනමක් බාල වයස්කාර පිරිමි දරුවන් තිදෙනකුට අමානුෂික ලිංගික අතවර කරලා

මෙම දරුවන් විටින් විට ලිංගික පරිහරණයට යොදාගෙන...

තම විහාරස්ථානය කරා කාලයක් තිස්සේ පැමිණෙන බාල වයස්කාර පිරිමි දරුවන් තිදෙනකු අමානුෂික ලිංගික පරිහරණයට යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 57 හැවිරිදි වියේ පසුවන භික්ෂුවක් වෙන්නප්පුව පොලිසිය විසින් පෙරේදා (9) අත්අඩංගුවට ගෙන ඇත. 


බණ්ඩිරිප්පුව ගාලවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැකකාර භික්ෂුවක වැඩ වාසය කර ඇත.අසල් වාසි නිවෙස්වල පදිංචිව සිටින මෙම දරුවන් විටින් විට තම මවුපියන් සමඟත් තනිවමත් විහාරස්ථානයට පැමිණීමට පුරුදුව ඇති බව කියති. 

තනිව ආවිට දරුවන් රවටා විටින් විට ඔවුන් අපහරණය කර ඇති බවත් කියති. මෙම දරුවෝ අවුරුදු 7, 10, හා 11 වයස්වල පසුවෙති.මෙම සිද්ධිය ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර තිබූ අතර ඒ අනුව වෙන්නප්පුව පොලිසියට දැන්වීමෙන් පසු සැකකාර හිමිනම  කොටු කර ගෙන තිබුණි.

සැකකරු හා දරුවන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය. වෙන්නප්පුව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
 
Related Posts with Thumbnails